පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1949 ජනවාරි මස 11 වැනි දින ලංකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට මහා බ්‍රිතාන්‍යයේ මහජන මන්ත්‍රී මණ්ඩලයෙන් ත්‍යාගයක් වශයෙන් පිරිනැමිණ. මහා බ්‍රිතාන්‍යයේ 6 වන ජෝර්ජ් රජතුමාණන්ගේ එකඟත්වය ඇතිව, මහජන මන්ත්‍රී මණ්ඩලයේ මහාමාන්‍ය මේජර් මිල්නර් මැතිතුමාගේ නායකත්වයෙන් යුත් සය දෙනෙකුගෙන් සමන්විත නියෝජිත කණ්ඩායමක්, එම ආසනය තෑගි කිරීමේ උළෙලට සහභාගී වීම පිණිස ශ්‍රී ලංකාවට පැමිණියේය. ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ කථානායකතුමා විසින් එම ආසනය භාර ගන්නා ලදී. දෙවැනි ලෝක යුද්ධය සමයේ ජර්මනිය විසින් වග විභාගයකින් තොරව බෝම්බ හෙළීම නිසා අර්ධ වශයෙන් විනාශ වී ගිය මහා බ්‍රිතාන්‍යයේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ, නියම ඉංග්‍රීසි ඕක් දැවයෙන් තනා තිබුණු බාල්කයක කොටසකින් මෙය තනා ඇත. අඩි 6 ක් උස මෙම අසුනේ පත්‍ර හැඩයට කැටයම් කපා ඇති අතර, ඒවා රනින් ඔප දමා ඇත. තද දම් පැහැයට හුරු සම් ආවරණයෙන් ආසනයේ කුලිච්චම (කුෂන්) සැකසී ඇති අතර, අසුනේ ශීර්ෂය යට ඇති සම් ආවරණයෙහි ඔබ්බවන ලද කඩුවක් අමෝරා සිටින සිංහල (සිහල) සිංහයකුගේ රූපය රන් පැහැයෙන් පුරවා සකස් කර ඇත.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks