E   |     |  

ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ (සෙනේට් සභාවේ) සෙංකෝලය

1972 දක්වා පැවැති ඉහළ මන්ත්‍රණ සභාව (සෙනේට් සභාව) විසින් පරිහරණය කළ සෙංකෝලය ආණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා විසින් 1956 නොවැම්බර් මස 01 වැනි දින සෙනෙට් සභාව වෙත භාර දෙන ලදී.

ලලිත කලා ආයතනයේ ඩබ්ලිව්. ඒ. ආරියසේන මහතා විසින් සැලසුම් කළ බවට ප්‍රකාශිත මෙම සෙංකෝලය නිර්මාණය කිරීමේ කාර්යය එවක කොළඹ පිහිටි ‘හේමචන්ද්‍ර සහෝදරයෝ’ නමැති රන් භාණ්ඩ නිමැවුම් ආයතනයක් මගින් ඉටු කළ බව පැවසේ. එම ආයතනයේ උපදෙස් මත, රඹුක්කන, දොඹේගොඩ පදිංචි ඊ. එන්. පියතිලක නමැති ශිල්පියකු විසින් මෙම සෙංකෝලය නිමවා ඇත.

කොටස් 355කින් සමන්විත මෙම සෙංකෝලය කොටස් හතලිහකට ගලවා වෙන් කළ හැකි අතර දිගින් අඟල් 52ක් සහ බරින් රාත්තල් 7½ කි. මෙම අගනා නිමැවුම සඳහා භාවිත කළ අමුද්‍රව්‍ය අතර ප්‍රධාන වශයෙන් ඇත් දළ කොටස් දෙකක් ද, කැරට් 20ක් වූ රත්‍රන් පවුම් 45ක්, බරින් රාත්තල් 3½ ක් වූ රිදී කොටස් 45ක් සහ මැණික් ගල් ගණනාවකින් සමන්විතය.

මෙම සෙංකෝලයේ ඉහළ කොටසේ “සන්තින්ද්‍රියෝච නිපකෝච” යන පාලි පාඨය කැටයම් කර ඇත.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks