07

E   |     |  



පාර්ලිමේන්තුව විසින් 2022 සැප්තැම්බර් මස 09 වැනි දින ජාතික සභාව පිහිටුවීම සඳහා වූ යෝජනා සම්මතය අනුමත කරන ලදී.,මෙම යෝජනා සම්මතයට අනුව ,(අ) “ජාතික සභාව” යනුවෙන් හඳුන්වනු ලබන පාර්ලිමේන්තු කාරක සභාවක් තිබිය යුතුය.,(ආ) එය කථානායකවරයා සභාපතිවරයා වූද, අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පක්ෂයේ නායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ දේශපාලන පක්ෂවල නායකයන් විසින් තීරණය කරන ලද පරිදි ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂවලින් නවවැනි පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තිස් පහකට (35) නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත වේ.,ඒ අනුව, ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂවලින් නවවැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයන් 34 දෙනෙකු ජාතික සභාවේ සාමාජිකයන් ලෙස පත් කරන ලදී., (ඇ)- කෙටි, මධ්‍යම කාලීන සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මඟ පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීමට,- ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාවය ඇති කිරීමට සහ,- අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්, ජාතික සභාව, විශේෂ කාරක සභාවල සභාපතිවරයන් සහ යොවුන් සංවිධානවල යොවුන් නිරීක්ෂකයන් සහභාගී වන විශේෂ රැස්වීම් වෙනුවෙන් කටයුතු සංවිධානය කිරීමට,ජාතික සභාවට අධිකාර බලය සහ පොදු වගකීම් තිබේ.,(ඈ) - ආංශික අධීක්ෂණ කාරක සභා, - රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, - රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, - පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, - බැංකු කටයුතු සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව, - ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව, - ආර්ථික ස්ථායිකරණය පිළිබඳ කාරක සභාව සහ, - රජයේ මුදල් පාලනය සිදු කරන කවර හෝ කාරක සභාවක්,වෙතින් වාර්තා කැඳවීමට ජාතික සභාවට බලය ඇත.,(ඉ) අමාත්‍ය මණ්ඩලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වැනි ව්‍යවස්ථාව යටතේ සිය වගකීම් ඉටු කිරීමේදී සභාව වෙත වාර්තා ඉදිරිපත් කළ හැකිය.,(ඊ) මෙම ජාතික සභාවේ ගණපූරණය සාමාජික මන්ත්‍රීවරයන් 10 දෙනෙකුගෙන් සංයුක්ත වේ.,(උ) කාරක සභාවේ පූර්ව අවසරය ලබා නොගෙන කාරක සභාවේ අනුගාමී රැස්වීම් තුනකට නොපැමිණෙන යම් සාමාජික මන්ත්‍රීවරයෙකු එම කාරක සභාවේ සාමාජිකත්වය අතහැර ගියා සේ සලකනු ලැබේ., ජාතික සභාව ඉදිරියට යම් තැනැත්තෙකු කැඳවා ප්‍රශ්න කිරීමටද, යම් ලියකියවිලි, පොත්, වාර්තා හෝ වෙනත් ලේඛන ගෙන්වා පරීක්ෂා කරනු ලැබීමටද සභාවට බලය ඇති බව සඳහන් හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල කාරක සභා සඳහා වන පොදු රීති, ජාතික සභාව සඳහාද අදාළ වන බවට වන ජාතික සභාව ස්ථාපිත කිරීම සදහා වූ යෝජනා සම්මතය‍ට සංශෝධනයක් 2022 ඔක්තෝබර් මස 03 වැනි දින පාර්ලිමේන්තුවේ සම්මත කරන ලදී.,2022.09.29 දින පැවති ජාතික සභාවේ පළමු රැස්වීමේදී,- ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම හා,- කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම සඳහා අනු කාරක සභා දෙකක් පිහිටුවන ලදී., 2022.10.07 වැනි දින පැවති ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වූ අනු කාරක සභාවේ ප්‍රථම රැස්වීමේදී ගරු පාඨලී චම්පික රණවක මහතා එම අනු කාරක සභාවේ සභාපති ලෙසද එදිනම පැවැත්වූ (2022.10.07) කෙටි, මධ්‍යම සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම සඳහා අනු කාරක සභා රැස්වීමේදී ගරු නාමල් රාජපක්ෂ මහතා එම කාරක සභාවේ සභාපති ලෙසද පත් වූහ.


කාරක සභා ලැයිස්තුව

ජාතික සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 4 සභාවාරය  | ජාතික සභාව





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks