07

E   |     |  



තේරීම් කාරක සභාව විසින් නිශ්චය කරනු ලබන විෂයයන් සහ කාර්යයන් පැවරෙන ආංශික අධීක්ෂණ කාරක සභා විස්සකට නොවැඩි සංඛ්‍යාවක් තිබිය යුත්තේ ය.,ආංශික අධීක්ෂණ කාරක සභා පාර්ලිමේන්තුවේ කාලය තුළ දී ක්‍රියාත්මක විය යුතු අතර, පාර්ලිමේන්තුවේ යම් කල් තැබීමක් හෝ වාරාවසාන කිරීමක් නොසලකා එහි විමර්ශන කටයුතු පවත්වාගෙන යනු ලැබිය යුත්තේ ය.,ආංශික අධීක්ෂණ කාරක සභාවලට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 ව්‍යවස්ථාවේ දක්වා ඇති පනත් කෙටුම්පත් හැර කාරක සභාවට යොමු කරනු ලබන වෙනත් යම් පනත් කෙටුම්පතක්, ගිවිසුමක්, කාරක සභාවේ විෂය පථයට යටත් වන ආයතනවල වාර්ෂික වාර්තා සහ කාර්යසාධන වාර්තා ඇතුළත්ව පාර්ලිමේන්තුව විසින් කාරක සභාව වෙත යොමුකරන ලද වාර්තාවක් හෝ කාරණාවක් හෝ යම් කාරක සභාවක් හෝ අමාත්‍යවරයෙකු හෝ විසින් එහි අධිකාර බල සීමාව තුළ ඇති විෂයයන් සහ කාර්යයන්ට අදාළ වෙනත් යම් කාරණයක් විභාග කිරීමට බලය තිබිය යුත්තේ ය.,ඕනෑම අවස්ථාවක දී, ආංශික අධීක්ෂණ කාරක සභාවලට සිය වගකීම් ක්‍රියාත්මක කිරීමේ දී අවශ්‍ය හෝ යෝග්‍ය විය හැකි යැයි එම කාරක සභා විසින් සලකනු ලබන එවැනි විමසීම් සහ විමර්ශන සිදු කරනු ලැබිය හැකි ය.,(5) එක් එක් ආංශික අධීක්ෂණ කාරක සභාව සෑම මාසයකම දින දෙකකට නොඅඩු දින ගණනක් රැස්විය යුත්තේ ය.,(6) ආංශික අධීක්ෂණ කාරක සභාවලට පාර්ලිමේන්තුවේ මතු සඳහන් කාර්යයන් සඳහා පාර්ලිමේන්තුවට සහාය වීම පිණිස පොදු අධීක්ෂණ වගකීම් තිබිය යුත්තේ ය —,(අ) රජයේ පවතින ප්‍රතිපත්ති අදාළ කර ගැනීම, පරිපාලනය, ක්‍රියාත්මක කිරීම සහ ඒවායෙහි සඵලත්වය පිළිබඳ විශ්ලේෂණය කිරීම, තක්සේරු කිරීම සහ ඇගයීම;,(ආ) විකල්ප ප්‍රතිපත්ති සම්පාදනය කිරීම පිණිස අනාගත පර්යේෂණ සහ පුරෝකථන සඳහා වන ක්‍රියාකාරකම්; ,(ඇ) පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලබන නීති සහ යම් නව හෝ අතිරේක නීතියක් පැනවීමේ අවශ්‍යතාව හෝ යෝග්‍යතාව පෙන්නුම් කරනු ලැබිය හැකි තත්ත්වයන් සහ වාතාවරණයන් අදාළ කර ගැනීම, පරිපාලනය, ක්‍රියාත්මක කිරීම සහ ඒවායෙහි සඵලත්වය පිළිබඳ විශ්ලේෂණය කිරීම, තක්සේරු කිරීම සහ ඇගයීම; සහ ,(ඈ) යම් නීතියක් සහ අවශ්‍ය හෝ යෝග්‍ය විය හැකි එවැනි යම් අතිරේක නීතියක් සම්පාදනය කිරීම, සලකා බැලීම, පැනවීම හෝ සංශෝධන සිදු කිරීම.,එක් එක් ආංශික අධීක්ෂණ කාරක සභාවට තම අධිකාර බලසීමාව තුළ ඇති ඕනෑම ආයතනයකට කිසියම් තනතුරකට පත් කර ඇති හෝ ඕනෑම තනතුරක නිලතල දැරීමට නම් කර ඇති ඕනෑම තැනැත්තෙකුගේ යෝග්‍යතාවය පරීක්ෂා කර බලා එම පුද්ගලයන් සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශයට නිර්දේශ ඉදිරිපත් කළ හැකි ය.,මතු සඳහන් තැනැත්තන් හැර, පාර්ලිමේන්තුවේ සෑම මන්ත‍්‍රීවරයකුම යම් ආංශික අධීක්ෂණ කාරක සභාවක සාමාජික මන්ත්‍රීවරයන් ලෙස සේවය කිරීමට සුදුසුකම් ලැබිය යුත්තේ ය —,(අ) කථානායකවරයා;,(ආ) නියෝජ්‍ය කථානායකවරයා;,(ඇ) නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා;,(ඈ) අග‍්‍රාමාත්‍යවරයා;,(ඉ) පාර්ලිමේන්තුවේ සභානායකවරයා;,(ඊ) පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා; සහ,(උ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 (1) ව්‍යවස්ථාව යටතේ පත්කරනු ලබන අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්.,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 45 (1) ව්‍යවස්ථාව යටතේ පත්කරනු ලබන අමාත්‍යවරයන් සහ නියෝජ්‍ය අමාත්‍යවරයන් කටයුතු කරනුයේ කවර අමාත්‍ය මණ්ඩල අමාත්‍යවරයකුගේ විෂය පථය යටතට ගැනෙන යම් විෂයයක්, කාර්යයක්, දෙපාර්තමේන්තුවක් හෝ ආයතනයක ද, ඒ හා සමාන අධිකාර බලයක් සහ අදාළ කාර්යය සහිත ආංශික අධීක්ෂණ කාරක සභාවක සේවය කිරීම සඳහා සුදුසුකම් නොලැබිය යුත්තේ ය ,එසේ වුවද, පනත් කෙටුම්පතක් ආංශික අධීක්ෂණ කාරක සභාවක සාකච්ඡාවට භාජනය කරනු ලබන අවස්ථාවක දී, විෂය භාර අමාත්‍යවරයා හෝ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයකු නොවන අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා හෝ එම කාරක සභාවට සහාය වීම පිණිස කැඳවනු ලැබිය හැකි ය.,තේරීම් කාරක සභාව විසින්, ආංශික අධීක්ෂණ කාරක සභාවට සභික මන්ත්‍රීවරයන් නම් කිරීමේ දී පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂවල හා ස්වාධීන කණ්ඩායම්වල නායකයන් විසින් කරනු ලබන නාමයෝජනාවලට අනුකූලව එම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල මන්ත්‍රීවරයන් සංඛ්‍යාවට නිසි සැලකිල්ල දක්වමින් කටයුතු කරනු ලැබිය යුත්තේ ය.,අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාවක සාමාජික මන්ත්‍රීවරයකු නොවන යම්කිසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් එවැනි කාරක සභාවක කටයුතු නිරීක්ෂණය කරනු ලැබීමට එම කාරක සභාවේ සභාපතිවරයා විසින් අවසර දෙනු ලැබිය හැකි ය.,එක් එක් ආංශික අධික්ෂණ කාරක සභාව, සිය පළමුවැනි රැස්වීමේ දී සහ ඉන් අනතුරුව එහි සභාපති ධුරය පුරප්පාඩු වීමෙන් අනතුරුව පවත්වනු ලබන පළමුවැනි රැස්වීමේ දී ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභික මන්ත්‍රීවරයන් අතුරින් සභාපතිවරයකු තෝරා පත්කර ගනු ලැබිය යුත්තේ ය.,යම් ආංශික අධීක්ෂණ කාරක සභාවකින් පූර්ව අවසර ලබා නොගෙන එහි අනුගාමී රැස්වීම් තුනකට නොපැමිණෙන යම් සාමාජික මන්ත්‍රීවරයකු එම කාරක සභාවේ සාමාජිකත්වය අත්හැර ගියාසේ සලකනු ලැබිය යුත්තේ ය.,එක් එක් ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අවශ්‍ය යැයි සලකනු ලබන අවස්ථාවක දී, එම කාරක සභාව විසින් අවශ්‍ය යැයි සලකනු ලැබිය හැකි යම් කාරණා විභාග කොට එම කාරක සභාවට වාර්තා කරනු ලැබීම සඳහා, එම කාරක සභාවේ සාමාජිකයන්ගෙන් සැදුම්ලත් අනු කාරක සභා පත්කරනු ලැබිය හැකි ය.,පාර්ලිමේන්තුව විසින් අන්‍යාකාරයෙන් විධානය කරනු ලබන්නේ නම් මිස, යම් කාරණයක් ආංශික අධීක්ෂණ කාරක සභාවකට යොමු කිරීමේ දින සිට සති හයක් ඉකුත් වන තෙක්, පාර්ලිමේන්තුව විසින් එම කාරණය සලකා බලනු නොලැබිය යුත්තේ ය. පාර්ලිමේන්තුව විසින් යෝජනා සම්මතයක් මඟින් ඉහත කී කාල සීමාව නිර්ණය කරනු ලැබිය හැකි ය.,සෑම ආංශික අධීක්ෂණ කාරක සභාවක් ම යම් පනත් කෙටුම්පතක් හෝ පොදු වැදගත්කමකින් යුක්ත වෙනත් යම් කාරණයක් සම්බන්ධයෙන් බලපෑමට ලක්ව සිටින හෝ යම් බැඳියාවක් ඇති පාර්ශ්වයකින් සාක්ෂි කැඳවනු ලැබිය හැකි ය.,සෑම ආංශික අධීක්ෂණ කාරක සභාවකට ම තැනැත්තන් කැඳවනු ලැබීමට සහ ලිපි ලේඛන හා වාර්තා ගෙන්වා ගනු ලැබීමට බලය තිබිය යුතු අතර ම, එම කාරක සභාව ඉදිරියේ විමසනු ලබන සාක්ෂිවල කාර්ය සටහන් ද සමඟ සිය මත සහ නිරීක්ෂණ අඩංගු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය යුත්තේ ය.,නීති පැනවිමට හෝ ව්‍යවස්ථාමය නොවන වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාවක් කටයුතු කරනු ලබන අවස්ථාවක දී, අදාළ විෂය පවරනු ලබන සහ අමාත්‍ය වගකීම් දරන කැබිනට් අමාත්‍යවරයා හෝ එලෙස පවරා නොමැති අවස්ථාවක අග්‍රාමාත්‍යවරයා විසින් වාර්තාවේ දක්වා ඇති නිර්දේශ සති අටක කාලයක් ඇතුළත ඉටු කළ යුතු අතර, එම නිරීක්ෂණ සම්බන්ධව තමා විසින් ගැනීමට යෝජනා කරන ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රකාශයක් ද ඉදිරිපත් කළ යුතු ය. නිරීක්ෂණ හෝ නිශ්චිත නිර්දේශ ඉටු කළ නොහැකි යැයි අමාත්‍යවරයාගේ මතය වන්නේ නම්, ඊට අමාත්‍යවරයා හේතු ලිඛිතව පැහැදිලි කළ යුතු අතර අමාත්‍යවරයා විසින් යෝජනා කරන විකල්ප ක්‍රියාමාර්ග සඳහන් කළ යුතු ය. කාරක සභාවට අවශ්‍ය වන්නේ නම්, අදාළ අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කිරීම සඳහා කාරක සභාවට පෞද්ගලිකව පැමිණීමට ආරාධනාවක් කළ හැකි අතර එවැනි කාරණාවලින් පැන නගින ප්‍රශ්නවලට සති අටක් ඇතුළත පිළිතුරු සැපයිය යුත්තේ ය., (අ) කාරක සභාව ඉදිරියේ පවතින එක් එක් කරුණු විමසීම් සම්බන්ධයෙන් වයස අවුරුදු 18 සහ 35 අතර වූ තරුණ නියෝජිතයන් පස්දෙනෙකු (5) ට නොවැඩි පිරිසක් කාරක සභාවට සහාය වීම සඳහා සභාපතිවරයාට කැඳවිය හැකි ය., (ආ) එසේ කැඳවනු ලබන තරුණ නියෝජිතයන්ට සභාපතිවරයා‍ගේ අවසරය ඇතිව කාරක සභාව ඉදිරියේ ඇති ලේඛන පරීක්ෂා කිරීමට සහ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට අවස්ථාව ලබා දිය හැකි ය. එසේ වුවද, එකී තරුණ නියෝජිතයන්ට කාරක සභාවේ දී ඡන්දය ප්‍රකාශ කළ නොහැකි ය., (ඇ) කාරක සභාව විසින් ගනු ලබන ඕනෑම තීරණයකට යටත්ව, තරුණ නියෝජිතයින්ගේ අදහස්, නිරීක්ෂණ සහ මතයන් කමිටු වාර්තාවට අතිරේකයක් වශයෙන් ඇතුළත් කිරීමට සභාපතිවරයාට අවසර දිය හැකි ය., (ඈ) තේරීම් කාරක සභාව විසින් නියම කරන ලද මාර්ගෝපදේශ මත තරුණ නියෝජනය සඳහා තෝරා ගැනීමේ නිර්ණායක තීරණය කරනු ලැබිය යුත්තේ ය.] , ,


කාරක සභා ලැයිස්තුව

පෙන්වන්න

බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 5 සභාවාරය  | ආංශික අධීක්ෂණ කාරක සභා

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 4 සභාවාරය  | ආංශික අධීක්ෂණ කාරක සභා

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 4 සභාවාරය  | ආංශික අධීක්ෂණ කාරක සභා

අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 4 සභාවාරය  | ආංශික අධීක්ෂණ කාරක සභා

ආගමික කටයුතු හා සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 4 සභාවාරය  | ආංශික අධීක්ෂණ කාරක සභා

ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 4 සභාවාරය  | ආංශික අධීක්ෂණ කාරක සභා

ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 4 සභාවාරය  | ආංශික අධීක්ෂණ කාරක සභා

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 4 සභාවාරය  | ආංශික අධීක්ෂණ කාරක සභා





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks