07

E   |     |  



විශේෂ කාරක සභාවක් පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් මගින් පත් කරනු ලැබිය හැකි ය.,විශේෂ කාරක සභාවක්, පාර්ලිමේන්තුවේ අවසරය නොමැතිව සාමාජික මන්ත‍්‍රීවරයන් දොළොස් දෙනෙකුට වැඩි ගණනකින් සංයුක්ත නොවිය යුතු ය. එවැනි අවසරයක් ලබා ගැනීම සඳහා වන යෝජනාවක් සම්බන්ධයෙන් දැනුම් දීම අවශ්‍ය වන්නේ ය.,විශේෂ කාරක සභාවකින් කරනු ලබන පරීක්ෂණයක විෂයය සීමාව, එම කාරක සභාව පත් කරන ලද නියෝගයේ නියම මගින් නිශ්චය කරනු ලැබිය යුතු නමුත් එම විෂයය පථය පුළුල් කිරීම හෝ සීමා කිරීම පාර්ලිමේන්තුවේ උපදෙස් අනුව කරනු ලැබිය හැකි ය. එම කාරක සභාව විසින් එහි අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය යුතු කාල සීමාව පාර්ලිමේන්තුව විසින් යෝග්‍ය යැයි සලකනු ලබන යම් නිශ්චිත දිනයක් දක්වා දීර්ඝ කරනු ලැබිය හැකි වීමට යටත්ව, එම කාරක සභාව විසින් සිය අවසන් වාර්තාව ඉදිරිපත් කරනු ලැබිය යුතු කාල සීමාව ඉහත කී නියෝගයේ නිශ්චිතව දක්වා තිබිය යුත්තේ ය.,සෑම විශේෂ කාරක සභාවකම සභාපතිවරයා සහ සභික මන්ත‍්‍රීවරයන් කථානායකවරයා විසින් පත් කරනු ලැබිය යුත්තේ ය. සභාපතිවරයා නොපැමිණ සිටින අවස්ථාවක දී, පැමිණ සිටින සභික මන්ත‍්‍රීවරයන් විසින් තෝරා ගනු ලබන කාරක සභාවේ වෙනත් කවර හෝ මන්ත්‍රීවරයකු විසින් එම රැස්වීමේ මූලාසනය දරනු ලැබිය යුත්තේ ය.,සභාපතිවරයා විසින් නියම කරනු ලැබිය හැකි යම් වේලාවක සහ ස්ථානයක කාරක සභාව විසින් සිය රැස්වීම් පවත්වනු ලැබිය යුත්තේ ය. පළමුවැනි රැස්වීමෙන් අනතුරුව පවත්වනු ලබන රැස්වීම් කාරක සභාව විසින් නිශ්චය කරනු ලැබිය හැකි වේලාවල සහ ස්ථානවල පවත්වනු ලැබිය යුත්තේ ය., අන්‍යාකාරයෙන් නියෝග කරනු ලබන්නේ නම් මිස, විශේෂ කාරක සභාවක ගණපූරණය සාමාජික මන්ත‍්‍රීවරයන් හතර දෙනෙකුගෙන් සංයුක්ත විය යුත්තේ ය.,එවැනි යම් කාරක සභාවක පුරප්පාඩුවක් ඇති වන යම් අවස්ථාවක දී, කථානායකවරයා විසින්, කලින් කලට, එම සාමාජික මන්ත‍්‍රීවරයා වෙනුවට එම විශේෂ කාරක සභාවට වෙනත් මන්ත‍්‍රීවරයකු පත් කරනු ලැබිය හැකි ය. කාරක සභාවේ පූර්ව අවසරය නොලබා නොකඩවා රැස්වීම් තුනකට පැමිණ නොසිටින යම් සාමාජික මන්ත‍්‍රීවරයකු එම කාරක සභාවේ සාමාජිකත්වය අත්හැර ගියාසේ සලකනු ලැබිය යුත්තේ ය. මෙම ස්ථාවර නියෝගය යටතේ කරනු ලබන සෑම පත් කිරීමක් ම පාර්ලිමේන්තුවේ ඊළඟ රැස්වීමේ දී පාර්ලිමේන්තුවට නිවේදනය කරනු ලැබිය යුත්තේ ය., විශේෂ කාරක සභාවක සභාපතිවරයාට එක් මූලික ඡන්දයක් තිබිය යුතු ය. ඡන්ද විමසීමක දී ප‍්‍රකාශ කරන ලද ඡන්ද සමානව බෙදී ඇත්නම්, සභාපතිවරයාට තීරක ඡන්දයක් භාවිතා කරනු ලැබිය හැකි ය., පනත් කෙටුම්පතක් හෝ යම් කාරණයක් යොමු කරනු ලැබූ විශේෂ කාරක සභාවක් විසින් එම පනත් කෙටුම්පත හෝ යොමුගත කාරණය පිළිබඳ සාක්ෂ්‍ය විභාග කිරීම පිණිස පාර්ලිමේන්තුව විසින් එම කාරක සභාවට තැනැත්තන් කැඳවීමට සහ ලිපි ලේඛන සහ වාර්තා ගෙන්වා ගනු ලැබීමට යෝජනා සම්මතයක් මගින් බලය දෙනු ලැබිය හැකි අතර, එවැනි බලතල පවරනු ලැබ ඇති යම් කාරක සභාවකට එම කාරක සභාව ඉදිරියේ ලබා ගන්නා ලද සාක්ෂිවල කාර්ය සටහන් ද සමඟ කාරක සභාවේ මතයන් සහ නිරීක්ෂණ ,පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට ද පාර්ලිමේන්තුවේ දැනගැනීම සඳහා ඉදිරිපත් කිරීම සුදුසු යැයි සලකනු ලැබිය හැකි යම් කාරණයක් සම්බන්ධ විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබීමට ද අවසර තිබිය යුත්තේ ය., පාර්ලිමේන්තුව කල් තබනු ලැබ හෝ වාරාවසාන කරනු ලැබ තිබුණ ද, විශේෂ කාරක සභාවක් විසින් සිය විමර්ශන ‍නොකඩවා කරගෙන යනු ලැබිය හැකි අතර, එහි වාර්තාව පාර්ලිමේන්තුවට පිළිගන්වනු ලබන තෙක් හෝ යම් විශේෂ කාරක සභාවක රැස්වීම සඳහා එක් එක් දිනයේ පැමිණෙන සාමාජික මන්ත‍්‍රීවරයන්ගේ නම්, විභාග කරන ලද සාක්ෂිකරුවන්ගේ නම් සහ යම් බෙදීමක් ඇති වූ අවස්ථාවක දී, ඉදිරිපත් කරනු ලැබූ ප‍්‍රශ්නය, එය ඉදිරිපත් කරනු ලැබූ තැනැත්තාගේ නම සහ පැමිණ සිටින සාමාජික මන්ත‍්‍රීවරයන් එම ප‍්‍රශ්නය සඳහා ඡන්දය ලබාදුන් අනුපිළිවෙළ ද කාරක සභාවේ වැඩකටයුතු පිළිබඳ කාර්ය සටහන්වල ඇතුළත් කරනු ලැබිය යුතු අතර, සාක්ෂි පිළිබඳ කාර්ය සටහන් සමඟ වැඩකටයුතු පිළිබඳ කාර්ය සටහන් ද පාර්ලිමේන්තුවට වාර්තා කරනු ලැබිය යුතු අතර කාරක සභාවේ වාර්තාව සමඟ ඒවා මුද්‍රණය කරනු ලැබිය යුත්තේ ය., ,


කාරක සභා ලැයිස්තුව

පෙන්වන්න

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 5 සභාවාරය  | විශේෂ කාරක සභා

මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ඇතුළු ජල මූලාශ්‍ර මඟින් පැන නැගී ඇති ගැටළු පිළිබඳව ගැඹුරින් විමර්ශනය කර නව ප්‍රතිනිර්මාණ යෝජනාවලියක් සැකසීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 5 සභාවාරය  | විශේෂ කාරක සභා

යෝජිත ‘ව්‍යාපාර සූදානම් (B-READY) දර්ශකය’ සඳහා සූදානම් වීමේ දී මතු වන ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 5 සභාවාරය  | විශේෂ කාරක සභා

රජය විසින් ප්‍රකාශයට පත් කළ මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 5 සභාවාරය  | විශේෂ කාරක සභා

රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 5 සභාවාරය  | විශේෂ කාරක සභා

ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය පිළිබඳව සමාලෝචනය කර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 5 සභාවාරය  | විශේෂ කාරක සභා

ශ්‍රී ලංකාවේ ළමා මන්දප‍ෝෂණ තත්වය වැඩි වෙමින් පවතින්නේද යන්න සොයා බැලීමටත්, එසේ නම් ඒ සඳහා ගත යුතු කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහාත්, හඳුනාගත් ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහාත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 5 සභාවාරය  | විශේෂ කාරක සභා

ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු වූ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් යන නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයාබලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව  | 4 සභාවාරය  | විශේෂ කාරක සභා





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks