පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
517/’18
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— බුද්ධශාසන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දිවයින තුළ දහම් පාසල් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද;
(ii) දහම් පාසල් සංවර්ධනය සඳහා ස්ථාපිත කළ අරමුදලේ ඇති මුදල් ප්‍රමාණය කොපමණද;
(iii) එම අරමුදල තර කිරීම සඳහා 2017 අයවැයෙන් වෙන් කළ මුදල කොපමණද;
(iv) දහම් පාසල් ගුරුවරුන් සිදු කරනු ලබන ගරු සේවය දිරිගැන්වීම, අගය කිරීම හා ගුරුවරුන් එම පද්ධතිය තුළ රඳවා ගැනීම සඳහා රජය සිදු කරනු ලබන ප්‍රවර්ධනයන් කවරේද;
(v) ඉරිදා දින උදේ වරුවේ උපකාරක පංති පැවැත්වීම, දරුවන් දහම් පාසල් අධ්‍යාපනයට යොමු වීමට බරපතල බාධකයක් වන බැවින්, එම තත්ත්වය පාලනය කිරීමට හා වැළැක්වීමට ගනු ලබන නව පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-06-22
අසන ලද්දේ
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
බුද්ධශාසන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks