පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
522/’18
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2016 වර්ෂයේ ශ්‍රී ලංකාවේ වෙළඳ ශේෂයේ හිඟය කොපමණද;
(ii) ඛනිජ තෙල් හා රත්‍රන් ආනයනයට වැය කර ඇති මුදල කොපමණද;
(iii) 2016 වර්ෂයේ තේ හා කුළුබඩු අපනයන ආදායම කොපමණද;
(iv) තේ හා කුළුබඩු ආදායම වැඩිකර ගැනීම සඳහා අදාළ ක්ෂේත්‍ර දිරිමත් කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ජංගම ගිණුමේ හිඟය රුපියල් මිලියන කොපමණද;
(ii) සේවා ගිණුම හා ද්විතීයික ආදායම් මත වූ ශුද්ධ ලැබීම් ශේෂය කොපමණද;
(iii) සේවා ගිණුමෙහි ප්‍රවර්ධනයන් සඳහා සංචාරක කර්මාන්තය දිරිගැන්වීමට ලබා දී ඇති ප්‍රභවයන් කවරේද;
(iv) විදේශ රැකියාවල නිරත පිරිස් වෙතින් ලැබෙන ප්‍රේෂණ දිරිගැන්වීම සඳහා යෝජිත පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-08-09
අසන ලද්දේ
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks