පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2370/’17
ගරු වාසුදේව නානායක්කාර මහතා,— වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බ්ලූමැන්ඩල් වරාය පිවිසුම දෙපස භූමිය ශ්‍රී ලංකා වරාය අධිකාරියට පවරාගෙන බහාලුම් පරීක්ෂා කිරීමට භාවිතා කරන්නේ නම්, දැනට බහාලුම් පරීක්ෂා කරන අංශය පිහිටා ඇති නුගේ පාර යන ස්ථානය වෙත ගමන් කිරීමේදී ඇතිවන පැය 6 - 10 අතර විශාල ප්‍රමාදය වළක්වා ගත හැකි බව පිළිගන්නේද;
(ii) සමහර ආනයනකරුවන් ඔවුන්ගේ ගබඩා හිස්වනතුරු ආනයනය කර ඇති භාණ්ඩ නිදහස් කර ගැනීම ප්‍රමාද කරමින් ප්‍රමාද ගාස්තු ගෙවීමට කටයුතු කිරීම ඔවුන්ට ලාභයක් බව දන්නේද;
(iii) එසේ නම්, ඉහත (i) සහ (ii) සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-09-20
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය හා නාවික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks