පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
610/’18
ගරු දයාසිරි ජයසේකර මහතා,— නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගෘහස්ථ ජල ඒකකයක් සඳහා මේ වනවිට අය කරනු ලබන රජයේ අනුමත මුදල කොපමණද;
(ii) 2015 වර්ෂයේ සිට මේ දක්වා ජල ගාස්තු සංශෝධනය කළ අවස්ථා සංඛ්‍යාව කොපමණද;
(iii) එම එක් එක් අවස්ථාවට අදාළව සංශෝධිත මිළ ගණන් සඳහන් කරන්නේද;
(iv) අවසන් වරට ජල ඒකකයක් සඳහා අය කරන ලද ගාස්තුව සංශෝධනය කළ දිනය සහ එම අවස්ථාවේදී වැඩි කළ හෝ අඩු කළ මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) පසුගිය වර්ෂයේදී ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ලබා ඇති ලාභය කොපමණද;
(ii) ඉදිරියේදී ජල ගාස්තු වැඩි කිරීමට රජය තීරණය කර තිබේද;
(iii) එසේ නම්, ගාස්තු වැඩි කිරීමේ ක්‍රමවේදය කවරේද;
(iv) ජල ගාස්තු වැඩි කරන්නේ නම්, එයට හේතු සඳහන් කරන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-08-08
අසන ලද්දේ
ගරු දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
නගර සැලසුම් හා ජල සම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks