E   |     |  

 දිනය: 2019-09-04   පිළිතුර ලබා දී ඇත 

0098/ 2019 - ගරු දයාසිරි ජයසේකර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 98/’18

      ගරු දයාසිරි ජයසේකර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      රටේ පවත්නා අපරාධ මැඬලීම සඳහා ඉදිරිපත්ව සිටින නිලධාරින් දිරිමත් කිරීම සඳහා 2015 වර්ෂයේ සිට ගෙවා ඇති ත්‍යාග මුදල් ප්‍රමාණය, එක් එක් වර්ෂය අනුව කොපමණද;

        (ii) මේ වනවිට කොපමණ නිලධාරින් සංඛ්‍යාවක් සඳහා එම ත්‍යාග මුදල් ගෙවා තිබේද;

      (iii) දීමනා ගෙවිය යුතු ආකාරය පිළිබඳව නිර්ණායක පවතීද;

      (iv) එසේ නම්, එම නිර්ණායක සභාගත කරන්නේද;

      (v) ජීවිත පරදුවට තබා කටයුතු කරනු ලබන එම නිලධාරින් වෙනුවෙන් ගෙවනු ලබන දිරි දීමනා/ත්‍යාග මුදල් වැඩි කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කරන්නේද;

      (vi) එසේ නම්, එම කාලසීමාවන් සහ ක්‍රමවේද සභාගත කරන්නේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-09-04

අසන ලද්දේ

ගරු දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අපරාධ මැඬලන නිලධාරින්: ත්‍යාග මුදල්

පිළිතුරු දුන් දිනය

2019-09-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රුවන් විජයවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks