පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
208/’18
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 1983 යුදමය තත්ත්වය ආරම්භ වීමට පෙර උතුරු පළාතේ පැවති ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) අයත් ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව හා ඒවා පිහිටා තිබූ ස්ථානවල ලිපිනයන් කවරේද;
(ii) එම පිරවුම්හල්වල අයිතිකරුවන් හා ඔවුන්ගේ ලිපිනයන් කවරේද;
(iii) ඉහත (ii) හි සඳහන් අයිතිකරුවන් අතරින් යුද්ධ කාලසීමාව තුළ ඝාතනය වීමෙන්, අතුරුදහන් වීමෙන් හෝ මියයෑමෙන් එම පිරවුම්හල්වල අයිතිය වෙනස් වූ අයිතිකරුවන් කවුරුන්ද;
(iv) ඉන් අනතුරුව, එම පිරවුම්හල්වල අයිතිය ලබාගත් පුද්ගලයන් හා ඔවුන්ගේ ලිපිනයන් කවරේද;
(v) පසු අයිතිකරුට මුල් අයිතිකරුගේ ඥාතීත්වයක් තිබේ නම්, ඒ සම්බන්ධයෙන් කරුණු සඳහන් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-08-07
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
යුද්ධයට පෙර උතුරු පළාතේ තිබුණු ඉන්ධන පිරවුම්හල්: අයිතිකරුවන්
පිළිතුරු දුන් දිනය
2019-08-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks