බලන්න

E   |     |  

 දිනය: 2019-06-20   පිළිතුර ලබා දී ඇත 

0211/ 2019 - ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 211/’18

      ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ලංකා විදුලිබල මණ්ඩලයේ, ඒස් ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම ආරම්භ කළ දිනය කවරේද;

                   (ii)       එම කාලය තුළ එම බලාගාරයෙන් විදුලි ඒකකයක් මිලදී ගත් මිල කොපමණද;

      (iii) එම සමස්ත කාලය තුළ ඒස් ඇඹිලිපිටිය බලාගාරය සඳහා ගෙවූ මුළු මුදල කොපමණද;

      (iv) එම බලාගාරය සඳහා හිමිකාර සමාගම ආයෝජනය කර ඇති මුළු ‍මුදල කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) වසර 10ක් විදුලි මිලදී ගැනීමෙන් පසු ගිවිසුම දීර්ඝ කළ දිනය කවරේද;

      (ii) ගිවිසුම දීර්ඝ කිරීමට හේතු කවරේද;

      (iii) ඒ සඳහා මහජන උපයෝගීතා කොමිසම් සභාවේ අනුමතිය ලැබී තිබේද;

      (iv) එසේ නම්, එම අනුමතිය සභාගත කරන්නේද;

      (v) ඒස් ඇඹිලිපිටිය බලාගාරය සමඟ අත්සන් කළ සියලු ගිවිසුම් සභාගත කරන්නේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-06-20

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ඒස් පවර් ඇඹිලිපිටිය පුද්ගලික සමාගමෙන් විදුලිය මිලදී ගැනීම: විස්තර

පිළිතුරු දුන් දිනය

2019-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රවී කරුණානායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks