E   |     |  

 දිනය: 2019-05-24   පිළිතුර ලබා දී ඇත 

0224/ 2019 - ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 224/’18

      ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,—  අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      පාසල් ශිෂ්‍යයන් සඳහා ආරම්භ කරන ලද “සුරක්‍ෂා” රක්‍ෂණ ක්‍රමයෙන් ආවරණය වන රෝග කවරේද:

                   (ii)      පසුගිය වසර 05 තුළ එම රෝගවල‍ට ගොදුරු වූයේ යැයි වාර්තා වූ පාසල් ශිෂ්‍යයන්  සංඛ්‍යාව එක් එක් රෝගය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iii) මෙම රක්‍ෂණ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ කවර  දිනයක සිටද;

      (iv) මේ දක්වා එම රක්‍ෂණයෙන් ප්‍රතිලාභ ලබාගත් ශිෂ්‍යයන්  සංඛ්‍යාව කොපමණද;

      (v) එම එක් එක් ශිෂ්‍යයාගේ නම, පාසල, ඉගෙනුම ලැබූ ශ්‍රේණිය, ගොදුරු වූ රෝගය හා රක්‍ෂණ මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;

       යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-05-24

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

"සුරක්‍ෂා" රක්‍ෂණ ක්‍රමය: ආවරණය වන රෝග

පිළිතුරු දුන් දිනය

2019-05-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks