බලන්න

E   |     |  

 දිනය: 2019-07-10   පිළිතුර ලබා දී ඇත 

0225/ 2019 - ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 225/’18

      ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      1999.07.02 දිනැති අංක 1086/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ශ්‍රී ලංකා විදුහල්පති සේවා  ව්‍යවස්ථාව පදනම් කර ගනිමින් 2005 වර්ෂයේ ගැසට් කර 2006 වර්ෂයේ තරඟ විභාගයක් පවත්වා, ඉන් සමත් වූ නිලධාරින් කොටසකට 2009.11.13 දින සිට ක්‍රියාත්මක වන පරිදි විදුහල්පති පත්වීම් ලබාදී ඇති බවත්;

      (ii) එම තරඟ විභාගය පදනම් කරගනු ලැබූ අංක 212/2010/FR දරන හා 2012.01.26 දිනැති නඩු තීන්දුවට අනුව වර්ෂ 2010, 2012 සහ 2014 දී විදුහල්පති තනතුරු ලබා දී ඇති බවත්;

      (iii) මෙම පත්වීම් 1999.07.02 දිනැති අංක 1086/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාවට අනුව ලබා දී ඇතත් උසස්වීම් ලබා දීමේදී 2014.10.22 දිනැති අංක 1885/31 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නව ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාවට අදාළ කොන්දේසි පදනම් කර ගත් බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) මෙලෙස එකම විභාගයකට මුහුණ දුන් පිරිසකට වසර ගණනාවක් තිස්සේ වරින් වර පත්වීම් ලබා දීම අසාධාරණ බවත්;

      (ii) මෙලෙස උසස්වීම් ලබා දීමට කටයුතු කිරීමේදී නව සේවා ව්‍යවස්ථාව පදනම් කරගැනීමෙන් අතීතයට බලපාන පරිදි නව කොන්දේසිවලට යටත් කිරීම අසාධාරණ බවත්;

      එතුමා පිළිගන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-07-10

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

උසස්වීම් ලබා දීමේදී නව ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාව පදනම් කරගැනීම: ගැටලු

පිළිතුරු දුන් දිනය

2019-07-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks