පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
232/’18
ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පාලනය වන විශ්වවිද්‍යාල සංඛ්‍යාව කොපමණද;
(ii) එම විශ්වවිද්‍යාලවල හා ඊට අනුබද්ධ පීඨයන් පිළිබඳව ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නේද;
(iii) එම විශ්වවිද්‍යාලයන්හි හා පීඨයන්හි දැනට ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එකී විශ්වවිද්‍යාලයන්හි හා පීඨයන්හි බාහිර උපාධි පාඨමාලා පවත්වා ගෙන යනු ලබන්නේද;
(ii) එක් එක් විශ්වවිද්‍යාලය හා පීඨයෙහි බාහිර උපාධි සඳහා ලියාපදිංචි වී ඇති ශිෂ්‍ය සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) එක් එක් විශ්වවිද්‍යාල සහ පීඨයන් විසින් බාහිර උපාධි පාඨමාලා සඳහා අය කරනු ලබන ගාස්තු වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) එක් එක් විශ්වවිද්‍යාල හා පීඨවල බාහිර උපාධි සඳහා ලියාපදිංචි වී ඇති ශිෂ්‍යයන් විසින් පාඨමාලා සඳහා ගෙවනු ලබන මුදල් තැන්පත් කරනු ලබන ගිණුම් කවරේද;
(ii) එම මුදල් බැර කරනු ලබන ගිණුම්වල වර්තමානයේ පවතින ශේෂයන් කවරේද;
(iii) එසේ ගිණුම්ගත කළ මුදල්, මුදල් අමාත්‍යාංශයේ හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ වෙනත් රාජ්‍ය ආයතනයක හෝ අධීක්ෂණයට යටත් වන්නේද;
(iv) එසේ නම්, එම ආයතන කවරේද;
යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-06-18
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පාලනයට යටත් විශ්ව විද්‍යාල : බාහිර උපාධි පාඨමාලා
පිළිතුරු දුන් දිනය
2019-06-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks