පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
274/’18
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මොණරාගල දිස්ත්‍රික්කයේ, මොණරාගල නගරයට ඉහලින් පිහිටි මරගල ඔය කඳුවැටිය අයත් වනාන්තරය, රක්ෂිතයක් ලෙස නම් කර තිබේද;
(ii) එසේ නම්, එම දිනය කවරේද;
(iii) මරගල ඔය කඳුවැටිය අයත් මෙම වන භූමිය පාරිසරික සංවේදී කලාපයක් ලෙස ගැසට් කර තිබේද;
(iv) එසේ නම්, එම දිනය කවරේද?
(v) මරගල ඔය වනාන්තරට අයත් ඉඩම් ප්‍රමාණය කොපමණද;
(vi) මෙම සංවේදී කලාපයේ හෝ රක්ෂිතයේ සීමා මායිම් ලකුණු කර තිබේද;
(vii) මෙම කඳු වැටියෙන් ආරම්භ වන ගංගා, ඇල, දොල සහ ඔයවල් කවරේද;
(viii) පසුගිය කාලයේ මෙහි ජල මූලාශ්‍රයක් වන “ජී ලෝන්” ජල රක්ෂිතය ආසන්නයේ අනවසර කටයුතු හේතුවෙන් බීමට ගන්නා ජල ව්‍යාපෘතියෙහි ජලය දූෂණයට ලක්වී ඇතැයි වාර්තා වී තිබේද;
(ix) මෙම වනයත්, ජල මූලාශ්‍රත් රැක ගැනීම වෙනුවෙන් ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-08-23
අසන ලද්දේ
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
මරගල ඔය වනාන්තරය: සංරක්ෂණය
පිළිතුරු දුන් දිනය
2019-08-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks