පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
316/’18
ගරු තාරක බාලසූරිය මහතා,— මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කෑගල්ල අතුරු මාර්ගයේ 3 වැනි අදියර යටතේ අත්කර ගත් ඉඩම් සඳහා රජය විසින් සමහර පදිංචිකරුවන්ට වන්දි මුදල් ලබා දී ඇති බවත්;
(ii) එහෙත්, එසේ පවරාගත් කෑගල්ල, බණ්ඩාරනායක මාවතේ, අංක 145හි පදිංචි බෝගහලන්ද පවුලේ අයට අයත් ඉඩම සඳහා රු.2,375,750/-ක මුදලක් ගෙවීමට, ඉඩම් අත්කර ගැනීමේ සමාලෝචන මණ්ඩලය විසින් තීන්දු කර ඇති බවත්;
(iii) කෙසේ වෙතත්, මේ වනතෙක් එම වන්දි මුදල ඔවුන්ට ලබාදී නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) බෝගහලන්ද පවුලේ පියා හා සොහොයුරන් මිය ගොස් ඇති අතර, දැනට ජීවත්ව සිටින්නේ එම පවුලේ කාන්තාවන් පමණක් වන බැවින්, මේ සම්බන්ධයෙන් සානුකම්පිතව සලකා බලා නීත්‍යානුකූලව ඔවුනට ලැබිය යුතු වන්දි මුදල කඩිනමින් ලබා දීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-05
අසන ලද්දේ
ගරු තාරක බාලසූරිය මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks