පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
317/18
ගරු තාරක බාලසූරිය මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පුරප්පාඩුව පවතින මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ලේකම් ධූරයට එහි කලින් සේවය කර දූෂණ චෝදනාවලට ලක් වූ එම්. පද්මිණී සෙනෙහෙලතා මහත්මිය පත් කළ බවත්;
(ii) ඇයට විරුද්ධව පළාත් ආණ්ඩුකාරවරයාට කරන ලද පැමිණිල්ලක් මත සිදු කළ පරීක්ෂණයකින් පසු, ඇය සේවයෙන් ඉවත් කර ඒ වෙනුවට පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් එම තනතුර සඳහා වැඩ බැලීමේ පදනම මත තනතුර සඳහා සුදුසුකම් සපුරා ඇති ඩබ්. ඩී. කේ. ඒකනායක මහතා පත් කර ඇති බවත්;
(iii) ප්‍රාදේශීය සභාවේ වත්මන් සභාපතිවරයා විසින් ඒකනායක මහතාට ප්‍රාදේශීය සභා ලේකම් ධූරයේ රාජකාරී කටයුතු කිරීමට ඉඩ නොදෙන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) එබැවින්, සභාපතිවරයාගේ මෙම නීතිවිරෝධී සහ සදාචාරවත් නොවන ක්‍රියාදාමය සම්බන්ධයෙන් සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා දැනුවත් කර සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-06
අසන ලද්දේ
ගරු තාරක බාලසූරිය මහතා, පා.ම.
අමාත්‍යාංශය
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
මාවනැල්ල ප්‍රාදේශීය සභාව: ලේකම් ධුරය
පිළිතුරු දුන් දිනය
2019-02-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජේ.සී. අලවතුවල, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks