බලන්න

E   |     |  

 දිනය: 2019-02-07   පිළිතුර ලබා දී ඇත 

0380/ 2019 - ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 380/’18

      ගරු එස්. එම්. මරික්කාර් මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       සී/ ස නැගෙනහිර හේවාගම් කෝරළයේ විවිධ සේවා සමූපකාර සමිතිය විසින් ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පාලනය වන මූල්‍ය සමාගමක් හරහා භාණ්ඩාගාර බිල්පත් ඉල්ලුම් කර, ලබාගෙන හෝ වෙන්කරගෙන තිබේද;

      (ii) එසේ නම්, එම මුදල කොපමණද;

      (iii) මෙම ගනුදෙනුව සිදු වී ඇති දිනය කවරේද;

      (iv) මෙම සමිතියේ මුදල්වලට  සිදුවී ඇත්තේ කවරක්ද;

      (v) මේ සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා මහ බැංකුවට වගකීමක් නොමැතිද;

      (vi) මෙම මුදල් තැන්පත් කර ඇති ආයතනය මේ වනවිට ක්‍රියාත්මකව පවතින්නේද;

      (vii) මෙම සමාගමේ අයිතිකරුවන් කවුරුන්ද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) සී/ ස නැගෙනහිර හේවාගම් කෝරළයේ, විවිධ සේවා සමූපකාර සමිතියේ, ග්‍රාමීය බැංකු තැන්පත්කරුවන් වෙනුවෙන් ඉදිරියේ දී ගනු ලබන පියවර කවරේද;

      (ii) සමූපකාර අධ්‍යක්ෂ මණ්ඩලයට රජයේ බැංකුවක හැර පුද්ගලික මූල්‍ය සමාගමක මුදල් ආයෝජනය කළ හැකිද;

      (iii) ජනතාවගේ මුදල් තම හිතුමතේට තැන්පත් කිරීම හේතුවෙන් සිදුවී ඇති පාඩුව අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අය කර ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

      (iv) මේ සම්බන්ධයෙන් රජයට ගත හැකි ක්‍රියාමාර්ග කවරේද;   

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-02-07

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සී/ස නැ‍ඟෙනහිර හේවාගම් කෝරළයේ විවිධ සේවා සමූපකාර සමිතිය: භාණ්ඩාගාර බිල්පත් සඳහා මුදල් ආයෝජනය

පිළිතුරු දුන් දිනය

2019-02-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉරාන් වික්‍රමරත්න, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks