පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
412/’19
ගරු නිහාල් ගලප්පත්ති මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව නිෂ්පාදන බදු පනත යටතේ රාජකාරි කිරීම සඳහා සුරාබදු පරීක්ෂක තනතුරට අමතරව, නිෂ්පාදන බදු තනතුරට පත් කළ සුරාබදු පරීක්ෂකවරුන්ගේ තනතුරු නාමය නිෂ්පාදන බදු පරීක්ෂක ලෙස වෙනස් කර ඇති බව පිළිගන්නේද;
(ii) නිෂ්පාදන බදු පරීක්ෂකවරුන්ගේ සේවා ගැටලුවක් පිළිබඳව 1995.09.19 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් රණවක මහතා විසින් පාර්ලිමේන්තුවේදී නැඟු ප්‍රශ්නයකට ලබා දුන් පිළිතුරු ප්‍රතික්ෂේප කරන්නේද;
(iii) අංක 231/98 දරන ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව සමතයකට පත් වීමෙන් පසුව, මෙම නිලධාරින් රේගු දෙපාර්තමේන්තුවේ නිෂ්පාදන බදු අංශයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා නිකුත් කරන ලද ලිපියේ 07 ඡේදය අනුව සුරාබදු නියාමක තනතුරේ පත්වීමේ කොන්දේසි හා සුරාබදු පරීක්ෂක ශ්‍රේණියේ (නිෂ්පාදන පරීක්ෂක ශ්‍රේණියේ) කොන්දේසි ඒ ආකාරයටම ක්‍රියාත්මක වන බව පිළිගන්නේද;
(iv) නව තනතුරකට පත් නොකර රජයේ නියමය පරිදි එක් දෙපාර්තමේන්තුවකින් තවත් දෙපාර්තමේන්තුවකට අන්තර්ග්‍රහණය කිරීම පමණක් සිදු කර ඇති බවට රාජ්‍ය සේවා කොමිෂන් සභාව ලබා දුන් නිර්දේශය පිළිගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-07
අසන ලද්දේ
ගරු නිහාල් ගලප්පත්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
සුරාබදු පරීක්ෂකවරුන්: තනතුරු නාමය වෙනස් කිරීම
පිළිතුරු දුන් දිනය
2019-02-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉරාන් වික්‍රමරත්න, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks