E   |     |  

 දිනය: 2019-02-20   පිළිතුර ලබා දී ඇත 

0413/ 2019 - ගරු නිහාල් ගලප්පත්ති මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 413/’19

      ගරු නිහාල් ගලප්පත්ති මහතා,— මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      සේවා අවශ්‍යතා මත, මුදල් රෙගුලාසි 71 යටතේ ඇති කරනු ලැබූ සුරාබදු පරීක්ෂක තනතුරට අදාළ වැටුප, අමාත්‍ය මණ්ඩල තීරණයක් මත නිෂ්පාදන බදු පනත යටතේ රාජකාරි කිරීම සඳහා ඇති කරන ලද නිෂ්පාදන බදු පරීක්ෂක තනතුරට හිමි වැටුප හා සමාන බවත්;

      (ii) අමාත්‍ය  මණ්ඩලය, ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණ එකඟතාවන් මත සුරාබදු පරීක්ෂකවරුන්ට ලබා දුන් වැටුප රේගු දෙපාර්තමේන්තුවේ සේවය කරන සුරාබදු පරීක්ෂකවරුන්ටද 1992 සිට 2006 වර්ෂය දක්වා ලබා දුන් බවත්;

      එතුමා පිළිගන්නෙහිද?

      (ආ) (i) රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝගය අනුව තනතුරු නාමය වෙනස් නොකර, නව පත්වීමක් ලබා නොදී දෙපාර්තමේන්තුවකින් තවත් දෙපාර්තමේන්තුවකට අන්තර්ග්‍රහණය කිරීමෙන් එම තනතුරේ සේවා ගණය, කාණ්ඩය, වැටුප් කේත අංකය හා වැටුප් පරිමාණය අඩු කිරීම, වෙනස් කිරීම හෝ වෙනත් අගතියක් සිදුකිරීම පවතින නීතියට අනුකූල වන්නේද;

      (ii) එසේ නම්, එය සැමට සමානව සැලකීමේ මූලධර්මය උල්ලංඝනය කිරීමක් බව පිළිගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-02-20

අසන ලද්දේ

ගරු නිහාල් ගලප්පත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks