E   |     |  

 දිනය: 2019-05-24   පිළිතුර ලබා දී ඇත 

0442/ 2019 - ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 442/’19

      ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ, මඩකලපුව ඩිපෝ කළමනාකරු ලෙස සේවය කළ ඉංජිනේරු එම්. ක්‍රිෂ්ණරාජා මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට හේතු වූ කරුණු කවරේද;

      (ii) 2016 ජූලි සිට ඔහු එම තනතුරෙන් ඉවත් කරන තෙක් ඩිපෝවේ මූල්‍ය හා පරිපාලන ප්‍රගතිය කවරේද;

      (iii) ඔහු වෙනුවට පත්කර ඇති ඩි‍පෝ කළමනාකරුගේ නම සහ ඔහු නියෝජනය කරනු ලබන වෘත්තිය සමිතිය කවරේද;

      (iv) ඩිපෝ කළමනාකාර තනතුර සඳහා ඉංජිනේරු ක්‍රිෂ්ණරාජා මහතාට වඩා දැනට පත්කර සිටින පුද්ගලයා සුදුසු වීමට හේතු කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) මඩකලපුව ඩිපෝවේ පරිපාලන කටයුතු ජාතික සේවක සංගමයේ අවශ්‍යතාවය අනුව සිදුවන්නේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-05-24

අසන ලද්දේ

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ඩිපෝ කළමනාකාර ඉංජිනේරු එම්. ක්‍රිෂ්ණරාජා මහතා: තනතුරෙන් ඉවත් කිරීම

පිළිතුරු දුන් දිනය

2019-05-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අර්ජුන රණතුංග, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks