E   |     |  

 දිනය: 2019-04-03   පිළිතුර ලබා දී ඇත 

0452/ 2019 - ගරු චන්දිම ගමගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 452/’19

      ගරු චන්දිම ගමගේ මහතා,— ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      පදවිය නගරයේ සිට කහටගොල්ලෑව දක්වා (ප්‍රධාන මාර්ගයෙන් වම් පස පෙදෙස) වූ ප්‍රදේශය අභයභූමියක් ලෙස ගැසට් කර තිබුනද, මෙම ප්‍රදේශය තුළ පදවිය දිසා රෝහල, ගම්මාන, පන්සල් හා ප්‍රජා ශාලාව පිහිටා ඇති බවත්;

      (ii) 1957 වර්ෂයේ සිට එම ප්‍රදේශය තුළ ජනතාව පදිංචි වී සිටින බවත්;

      (iii) එහි පදිංචිකරුවන් කිහිප දෙනෙකු සතුව නීත්‍යානුකූල ඉඩම් බලපත්‍ර ඇති බවත්;

      (iv) අනෙකුත් පදිංචිකරුවන් සඳහා ඉඩම් බලපත්‍ර ලබා ගැනීමට යෑමේදී වනජීවී කලාපයක් ලෙස නම් කර තිබීම ඊට බාධාවක් වී ඇති බවත්;

      (v) මේ හේතුවෙන් පදවිය නගරය තුළ වර්ෂ ගණනාවක සිට පදිංචිව සිටින පුද්ගලයන් මහත් අපහසුතාවයකට ලක් වී ඇති බවත්;  

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) ඉඩම් බලපත්‍ර නොමැතිව එම ඉඩම්වල පදිංචිව සිටින පුද්ගලයන්ට බලපත්‍ර ලබාදීමට කටයුතු කරන්නේද;

      (ii) එසේ නම්, එම දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-04-03

අසන ලද්දේ

ගරු චන්දිම ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කහටගොල්ලෑව ප්‍රදේශය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම : පදිංචිකරුවන්ට සිදු වූ අපහසුතාව

පිළිතුරු දුන් දිනය

2019-04-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks