E   |     |  

 දිනය: 2019-07-23   පිළිතුර ලබා දී ඇත 

0469/ 2019 - ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 469/’19

      ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      යහපාලන රජය ආරම්භ වූ දින සිට 2018 අගෝස්තු මස දක්වා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුකළ බඳවා ගැනීම්වලට අදාළව,

                    (i)      බඳවාගත් මුළු සේවක සංඛ්‍යාව;

                   (ii)      තනතුරු නාම;

                 (iii)      ක්‍රමවේදය;

                  (iv)      පුරප්පාඩු පැවති දිස්ත්‍රික්ක;

      කවරේද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) එම රැකියාලාභීන්ගෙන් මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය වන,

      (i) සේවක සංඛ්‍යාව,

      (ii) තනතුරු, 

      කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?  

      (ඇ) යම් රාජ්‍ය ආයතනයක පුරප්පාඩුවක් ඇති වුවහොත්, එම ආයතනය පිහිටා ඇති ප්‍රදේශයේ සිටින සුදුස්සන් සඳහා එම රැකියා අවස්ථාව ලබාදිය යුතු බවත්, එමඟින් අදාළ කාර්යයන් වඩා කාර්යක්ෂමව සිදුකළ හැකි බවත් එතුමා පිළිගන්නෙහිද?   

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-07-23

අසන ලද්දේ

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කළ බඳවා ගැනීම් : විස්තර

පිළිතුරු දුන් දිනය

2019-07-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks