බලන්න

E   |     |  

 දිනය: 2019-07-23   පිළිතුර ලබා දී ඇත 

0472/ 2019 - ගරු එස්. සී. මුතුකුමාරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 472/’19

      ගරු එස්. සී. මුතුකුමාරණ මහතා,— කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (​i)      රසායනික පොහොර භාවිතයෙන් ගොවීන් බැහැර කිරීම සඳහා ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර නිෂ්පාදනය කළ යුතු බව පිළිගන්නේද;

      (ii) වර්ෂ 2014 සිට 2017 දක්වා නිෂ්පාදනය කරන ලද කාබනික පො‍හොර ප්‍රමාණය, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (​iii) එම පොහොරවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙළක් සකසා තිබේ නම්, එය කවරේද;

      (iv) මෙම පොහොර ප්‍රමිතියෙන් යුක්ත බව සහතික කරන ආයතන තිබේද;

      (v) එසේ නම්, එම ආයතනවල නම් කවරේද;

       

       

       

      (vi) ප්‍රමිති පරීක්ෂාව සඳහා වගකිවයුතු ආයතනයක් නොමැති නම්, එවැනි ආයතනයක් ඇති කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-07-23

අසන ලද්දේ

ගරු එස්. සී. මුතුකුමාරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කාබනික පොහොර: ප්‍රමිතිය

පිළිතුරු දුන් දිනය

2019-07-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks