E   |     |  

 දිනය: 2019-08-07   පිළිතුර ලබා දී ඇත 

0474/ 2019 - ගරු බිමල් රත්නායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 474/’19

      ගරු බිමල් රත්නායක මහතා,— රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      ආයතන සංග්‍රහයේ 18:2:1 උප වගන්තියට අනුව රාජ්‍ය සේවයේ නියුතු නිලධාරිනියකට සෑම සජීවී දරු උපතක් සඳහාම රජයේ වැඩ කරන දින 84ක සම්පූර්ණ වැටුප් සහිත නිවාඩුවක් හිමි විය යුතු බවත්;

      (ii) ආයතන සංග්‍රහයේ 18:3:1 උප වගන්තියට අනුව දරුවා රැකබලා ගැනීම පිණිස දින 84ක අඩ වැටුප් සහිත නිවාඩුවක් හිමිවිය යුතු බවත්;

      (iii) ආයතන සංග්‍රහයේ 18:4:1 උප වගන්තියට අනුව අවශ්‍ය වන්නේ නම්, තවත් දින 84ක වැටුප් රහිත නිවාඩුවක් ලබාදිය හැකි බවත්;

      (iv) ඉහත (i) යටතේ නිවාඩු ගණන් බැලීමේදී නිවාඩු කාලය තුළ ඇති සෙනසුරාදා, ඉරිදා හා රජයේ නිවාඩු ඇතුළත් නොකළ යුතු බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) එසේ වුවද, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන ලද  උපාධිධාරි පුහුණු වැඩසටහන යටතේ බඳවාගත් නිලධාරිනියන්ට ලබාදී ඇති පත්වීම් ලිපිය අනුව ඔවුන්ට ලබාදෙනු ලබන්නේ සති 06ක ප්‍රසූත නිවාඩුවක් පමණක් බව පිළිගන්නේද;

      (ii) මෙම නිලධාරිනියන්ට ආයතන සංග්‍රහය අනුව හිමි විය යුතු ප්‍රසූත නිවාඩු ලබාදීමට අවශ්‍ය පියවර ගන්නේද;

      (iii) එසේ නම්, එම දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-08-07

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කාන්තා උපාධිධාරි අභ්‍යාසලාභින්: ප්‍රසූත නිවාඩු

පිළිතුරු දුන් දිනය

2019-08-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks