E   |     |  

 දිනය: 2019-06-18   පිළිතුර ලබා දී ඇත 

0496/ 2019 - ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 496/’19

      ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙසෙන ජනතාව උග්‍ර ජල හිඟයෙන් පෙළෙන බව දන්නේද;

                   (ii)      මෙම කොට්ඨාසයේ පිහිටා ඇති රාක්ෂාව, අසු පිනි ඇල්ල යන ජල පෝෂක ප්‍රදේශ තුළින් මා ඔය නිර්මාණය වී ඇති බව දන්නේද;

      (iii) ඉහත ජල පෝෂක ප්‍රදේශ හරහා ගලා යන මා ඔය උපයෝගී කරගෙන අරනායක හා මාවනැල්ල වැනි මැතිවරණ කොට්ඨාසවල ජනතාවට ජලය ලබා දීමට කටයුතු කරන්නේද;

      (iv) ජලය නොමැතිව පීඩා විඳින ගඟ ඉහල කෝරළේ ජනතාවට පළමුව ජලය ලබා දී අනෙකුත් කොට්ඨාසවලට ජලය ලබා දීම සාධාරණ නොවන්නේද;

      (v) ගැටලුවක් ඇති කර නොගනිමින් ගඟ ඉහළ කෝරළේ ජනතාවටත් ජලය ලබාදී අරනායක හා මාවනැල්ල ජනතාවටද ජලය ලබා දීමට කටයුතු කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-06-18

අසන ලද්දේ

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

උග්‍ර ජල හිඟය : මහනුවර දිස්ත්‍රික්කය

පිළිතුරු දුන් දිනය

2019-06-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලකී ජයවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks