පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
506/’19
ගරු එස්. එම්. මරික්කාර් මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හිටපු මහබැංකු අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ නැගණිය වන ශිරෝමනී වික්‍රමසිංහ මහත්මිය, ලංකාපුත්‍ර බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කළ සමයේ දූෂණ හා වංචා සිදුවී තිබෙන බව ප්‍රයිස් වෝටර්හවුස් කූපර්ස් විගණන ආයතනය විසින් හෙලිදරව් කර ඇති බවත්;
(ii) වර්ෂ 2006 සිට 2014 දක්වා බැංකු පනත උල්ලංඝනය කරමින් දේශපාලන හිතවතුන්ට ණය ලබාදී ඇති බවත්;
(iii) නැවත ගෙවීමේ හැකියාව පිළිබඳ නොසලකා රජයේ ඉඩම්, පන්සල් සතු ඉඩම්, මුඩු ඉඩම් සහ මැණික් ලෙස හඟවා තිරුවානා ගල් යනාදිය ඇපයට තබා ණය ලබා දී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මේ ආකාරයෙන් ණය ලබාගෙන ඇති පුද්ගලයන් සහ ආයතන කවරේද;
(ii) එම එක් එක් පුද්ගලයන් සහ ආයතන ලබාගත් ණය මුදල කොපමණද;
(iii) මේ වනවිට එම ණය මුදල්වලින් නැවත ගෙවා ඇති ප්‍රමාණය කොපමණද;
(iv) මෙලෙස ණය ලබා දීමට අනුමතිය ලබා දුන් එවකට ප්‍රධාන විධායක නිලධාරිනිය ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේද;
(v) එසේ නම්, එහි ප්‍රගතිය කවරේද;
(vi) නොඑසේ නම්, මේ සම්බන්ධව විධිමත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-06-07
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks