E   |     |  

 දිනය: 2019-05-09   පිළිතුර ලබා දී ඇත 

0511/ 2019 - ගරු විමලවීර දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 511/’19

      ගරු විමලවීර දිසානායක මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ දීමනා හෝ පහසුකම් ඉහළ නංවන විට එයට සමගාමීව පළාත් සභා මන්ත්‍රීවරයන්ටත් එම වැඩිවීමෙන් අඩක් අදාළ වන බවත්;

      (ii) පසුගිය කාලසීමාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ දීමනා ඉහළ නංවා ඇති බවත්;

                 (iii) එහෙත් කාලය සම්පූර්ණ වීමෙන් මේ වනවිට විසිරී ඇති නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයන්ට එම ඉහළ නැංවූ දීමනාවෙන් හෝ පහසුකම්වලින් කොටසක් හිඟ දීමනා ලෙස ගෙවීමට ඇති බවත්;

      (iv) ‍මේ වනවිට නැගෙනහිර පළාත් සභාව විසිරී වසරකට ආසන්නවී ඇතත්, එම මන්ත්‍රීවරයන්ට හිමි හිඟ දීමනාව මෙතෙක් ගෙවා නොමැති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) ශ්‍රී ලංකාවේ අනෙක් සියලු පළාත් සභාවල මන්ත්‍රීවරයන්ට හිමි එකී දීමනාව නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයන්ට හිමි නොවීම බරපතළ අසාධාරණයක් බව පිළිගන්නේද;

      (ii) නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයන්ට හිමි හිඟ දීමනාව ලබා දෙන දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-05-09

අසන ලද්දේ

ගරු විමලවීර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks