E   |     |  

 දිනය: 2019-08-23   පිළිතුර ලබා දී ඇත 

0527/ 2019 - ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 527/’19

      ගරු චන්දිම වීරක්කොඩි මහතා,— නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      අම්බලන්ගොඩ තිලකපුර, සිරිසුමනගම පදිංචි පවුල් 180කට නල ජල පහසුකම් ලබාදීම සඳහා 2017 වර්ෂයේදී තිලකපුර ප්‍රජා සංවර්ධන සමිතිය විසින් ප්‍රජා ජල ව්‍යාපෘතිය යටතේ ජලනල එලා ජල ටැංකියද ඉදිකර ඇති බවත්;

      (ii) 2017 වර්ෂයේ පෙබරවාරි මස මෙම ජල ව්‍යාපෘතිය මඟින් ජල සැපයුම ලබාදෙන බව පවසා තිලකපුර ප්‍රජා සංවර්ධන සමිතිය විසින්                      ප්‍රදේශවාසීන්ගෙන් රුපියල් 10,000/- ක මුදලක් එකතු කර ඇති බවත්;

      (iii) මෙම ප්‍රදේශවාසීන්ගේ ළිං ජලයට වැසිකිළි ජලය මුසුවීම හේතුවෙන් සෞඛ්‍ය හා සනීපාරක්ෂක ගැටලු ඇති වී තිබෙන බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) මෙතෙක් එම ජල සැපයුම ලබා නොදීමට හේතු කවරේද;

      (ii) මෙම ප්‍රදේශවාසීන් සඳහා නල ජල පහසුකම් නොපමාව ලබා දීමට පියවර ගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-08-23

අසන ලද්දේ

ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සිරිසුමනගමට නළ ජල පහසුකම් සැපයීම: කඩිනම් කිරීම

පිළිතුරු දුන් දිනය

2019-08-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks