E   |     |  

 දිනය: 2019-03-16   පිළිතුර ලබා දී ඇත 

0535/ 2019 - ගරු බිමල් රත්නායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 535/’19

      ගරු බිමල් රත්නායක මහතා,— මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      කොළඹ පිටත වටරවුම්පාර ඉදිකිරීමේදී කඩුවෙල, රග්ගහවත්ත ප්‍රදේශයේදී කැළණි ග‍ඟේ වම් සහ දකුණු ඉවුරුවල අඩි 4ක් පමණ පස් කපා ඉවත්කර, කොන්ක්‍රීට් කණු ඉදිකර ඇති බවත්;

      (ii) සෑම වසරකම පාහේ ගංවතුර උවදුරට ලක්වන රග්ගහවත්ත, හේවාගම යන ප්‍රදේශ මෙම හේතුව නිසා විශාල ගංවතුර උවදුරකට ලක්වන බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) ගං ඉවුර කැපීම හේතුවෙන් දැඩි ගංවතුර උවදුරකට ලක්වීමෙන් ප්‍රදේශයේ ජනතාවට සිදු වන හානිය වැළැක්වීම පිණිස කපා දැමූ ඉවුර යථා තත්ත්වයට පත්කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-03-16

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

රග්ගහවත්ත, හේවාගම ප්‍රදේශවල ගංවතුර උවදුර: වැළැක්වීම

පිළිතුරු දුන් දිනය

2019-08-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කබීර් හෂීම්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks