පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
552/’19
ගරු එස්. ශ්‍රීතරන් මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් උතුර හා නැගෙනහිර පළාත්වල පාලම් 1000ක් ඉදිකිරීමේ සැලැස්මක් ඉදිරිපත් කරනු ලැබූ බවත්;
(ii) මෙම ව්‍යාපෘතිය එම ප්‍රදේශයේ ජනතාවගේ ක්‍රියාකාරකම්වලට ප්‍රයෝජනයක් නොවන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මෙම පාලම් 1000 ව්‍යාපෘතිය යටතේ උතුරු පළාතේ එක් එක් දිස්ත්‍රික්කය තුළ ඉදිකරන ලද පාලම් පිළිබඳ විස්තර කවරේද;
(ii) මෙම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුවන්ගේ විස්තර කවරේද;
(iii) මෙම පාලම් සඳහා වන සැලසුම් එම ප්‍රදේශවලට ගැලපෙන ආකාරයට සකස් කර තිබේද;
(iv) නොඑසේ නම්, විදේශ රටක සකස් කළ ආකෘතියකට අනුව වැඩකටයුතු සිදුකර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) මෙම ව්‍යාපෘතිය යටතේ මුදල් වෙන්කර ඇති කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පාලම් සංඛ්‍යාව කොපමණද;
(ii) වැඩ අවසන් වූ පාලම් සංඛ්‍යාව කොපමණද;
(iii) තවමත් ඉදිවෙමින් පවතින පාලම් සංඛ්‍යාව කොපමණද;
(iv) ඉදිකිරීමට නියමිත පාලම් සංඛ්‍යාව කොපමණද;
(v) මෙම පාලම්වල කොන්ත්‍රාත්කරුවන්ගේ විස්තර කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-05-22
අසන ලද්දේ
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
උතුර සහ නැඟෙනහිර පළාත්වල පාලම් 1000 ව්‍යාපෘතිය : විස්තර
පිළිතුරු දුන් දිනය
2019-05-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks