පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
559/’19
ගරු එස්. ශ්‍රීතරන් මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උතුරු පළාතේ ක්‍රියාත්මක රාජ්‍ය බැංකු, පෞද්ගලික බැංකු, රක්ෂණ ආයතන, මූල්‍ය සමාගම් සහ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඒවායේ නම් කවරේද;
(iii) සාමාන්‍ය ජනතාවට ණය ලබාදීමේදී රාජ්‍ය බැංකු, පෞද්ගලික බැංකු හා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් අයකරනු ලබන පොලී අනුපාත වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) උතුරු හා නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර මූල්‍ය ණය ආයතනයන්හි අසාධාරණ ක්‍රියාකාරකම් හේතුවෙන් විශාල වශයෙන් ජීවිත අහිමිවීම් සිදුවන බව දන්නේද;
(ii) ඉදිරියේදී ක්ෂුද්‍ර මූල්‍ය ණය ආයතන හේතුවෙන් සිදුවන මෙවන් ජීවිත අහිමිවීම් වැළැක්වීම සඳහා එම ආයතනවල කටයුතු අධීක්ෂණය කිරීමට රජය මැදිහත් වන්නේද;
(iii) යුද්ධයෙන් විපතට පත්ව තම ආර්ථික හැකියාවන් අහිමි වී සිටින උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාව ඉලක්ක කර ගනිමින් ක්ෂුද්‍ර මූල්‍ය ණය ආයතන ඔවුන්ගේ ක්‍රියාකාරකම් කඩිනමින් සිදු කිරීමේ අරමුණ කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-10-23
අසන ලද්දේ
ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks