බලන්න

E   |     |  

 දිනය: 2019-07-11   පිළිතුර ලබා දී ඇත 

0603/ 2019 - ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 603/’18

      ගරු වාසුදේව නානායක්කාර මහතා,— විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      අඩු ආදායම්ලාභීන්ට විදුලි සැපයුම ලබා ගැනීම සඳහා රු. 40,000/-ක ණය මුදලක් ලබා දී ණය වාරිකය මාසික විදුලි බිල සමඟ ගෙවීමට ලබා දී තිබූ පහසුකම මේ වනවිටත් පවතින්නේද;

      (ii) එසේ නම්, එවැනි අවස්ථාවල නිවසක් වයරින් කිරීමේදී විදුලි බුබුලු 05, විදුලි පේනු 01 හා බෙදාහැරීමේ පුවරුව සඳහා රු. 21,000/- ක පමණ මුදලක් අය කරන්නේද;

       (iii) එසේ නම්, මෙම මුදල වෙළෙඳපොළ මිලට වඩා කොපමණ වැඩි වන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-07-11

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අඩු ආදායම්ලාභීන්ගේ නිවාසවලට විදුලි සැපයුම: ණය පහසුකම්

පිළිතුරු දුන් දිනය

2019-07-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රවී කරුණානායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks