E   |     |  

 දිනය: 2019-09-03   පිළිතුර ලබා දී ඇත 

0615/ 2019 - ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 615/’18

      ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      යහපාලන රජය බලයට පත්වූ දින සිට මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කය තුළ           ක්‍රියාත්මක කළ පානීය ජල ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;

                   (ii)      එම ජල ව්‍යාපෘති පවතින ප්‍රදේශ හා පාරිභෝගිකයන් සංඛ්‍යාව කොපමණද;

      (iii) 2017 වර්ෂය තුළ නාවලපිටිය මැතිවරණ බල ප්‍රදේශයේ ජලය ලබාගැනීම සඳහා ඉල්ලුම් කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව හා ඔවුන් අතරින් මේ වනවිට  ජල සැපයුම් ලබාදී ඇති සංඛ්‍යාව කොපමණද;

      (iv) නාවලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ගඟ ඉහළ ප්‍රාදේශීය ‍ලේකම්              බලප්‍රදේශවල වෙසෙන බො‍හෝ ජනතාවට පානීය ජලය නොමැතිවීම මත දැඩි පීඩාවන්ට හා අපහසුතාවයන්ට ලක්වීමට සිදුවී ඇති බව පිළිගන්නේද;

        (v) එම ජනතාවගේ  පානීය ජල ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-09-03

අසන ලද්දේ

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මහනුවර දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලුව: විසදුම්

පිළිතුරු දුන් දිනය

2019-09-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks