E   |     |  

 පිළිතුර ලබා දී නැත 

0686/ 2019 - ගරු කනක හේරත් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 686/’18

      ගරු කනක හේරත් මහතා,— ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      ශ්‍රී ලංකාවේ සුළු අපනයන භෝග වගා කර ඇති ඉඩම් ප්‍රමාණය සහ එම වගාවන්හි ‍යෙදෙන ගොවීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

                   (ii)      වර්ෂ 2015 සිට 2018 දක්වා ශ්‍රී ලංකාවේ සුළු අපනයන භෝග ඵලදාව වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) සුළු අපනයන භෝග වගාකරුවන් සඳහා රජය මඟින් ලබාදෙන සහනාධාර කවරේද;

      යන්න  එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) මේ වනවිට ශ්‍රී ලංකාවේ සුළු අපනයන භෝග වගාව පහත වැටී ඇති බව  දන්නේද;

      (ii) එසේ නම්, ඊට හේතු කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-07-23

අසන ලද්දේ

ගරු කනක හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks