පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
750/’19
ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 1948 සිට 1995 දක්වා ශ්‍රී ලංකාවේ පදිංචි වී සිටි මෙරට පුරවැසිභාවය ලබාගත් මෑත ඉන්දියානු සම්භවයක් (Recent Indian Origin) ඇති පුද්ගලයන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව කොපමණද;
(ii) වර්ෂ 1948 සිට 1995 දක්වා සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම යටතේ ඉන්දියානු පුරවැසිකම ලබා හෝ ලබා ගැනීමට ඉන්දියාව බලා පිටත් වී ගිය මෙරට පදිංචි වී සිටි මෑත ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව කොපමණද;
(iii) වර්ෂ 1948 සිට 1995 දක්වා ශ්‍රී ලංකාවේ පදිංචි වී සිටි ශ්‍රී ලංකා පුරවැසිකම ලබා ගත් ඉන්දියානු පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
(iv) වර්ෂ 1948 සිට 1995 දක්වා ශ්‍රී ලංකාවේ පදිංචි වී සිට ඉන්දියානු පුරවැසිකම ලබාගෙන හෝ ලබාගැනීම සඳහා ඉන්දියාවට පිටත්වී ගිය පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-08-08
අසන ලද්දේ
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.
අමාත්‍යාංශය
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
ශ්‍රී ලංකා පුරවැසිකම ලබා ගත් ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයන් : විස්තර
පිළිතුරු දුන් දිනය
2019-08-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks