E   |     |  

 දිනය: 2019-04-02   පිළිතුර ලබා දී ඇත 

0755/ 2019 - ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 755/’19

      ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා,— ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       වර්ෂ 2010 - 2018 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට අපනයනය කරන ලද ගම්මිරිස් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

                   (ii)       ඉන්දියාවට ගම්මිරිස් අපනයනය කිරීමේදී බලපත්‍ර නිකුත් කිරීමේ බලය පවරා ඇති නිලධාරියා කවුරුන්ද;

      (iii) ශ්‍රී ලංකාවට ගම්මිරිස් ආනයනය කරන්නේද;‍

      (iv) එසේ නම්, එම ආනයනය සඳහා බලපත්‍ර ලබා දුන් නිලධාරියාගේ සහ ආනයනකරුවන්ගේ නම් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) ශ්‍රී ලංකාවේ වාර්ෂික ගම්මිරිස් නිෂ්පාදනය කොපමණද;

      (ii) වර්ෂ 2010 සිට 2018 දක්වා කාලය තුළ ලෝක වෙළඳපොළේ උපරිම ගම්මිරිස් මිල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-04-02

අසන ලද්දේ

ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගම්මිරිස් අපනයනය : විස්තර

පිළිතුරු දුන් දිනය

2019-04-02

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දයා ගමගේ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks