පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
774/’19
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක පවත්වාගෙන යනු ලබන පේෂකර්ම මධ්‍යස්ථාන බොහොමයක් රැකියා විශාල සංඛ්‍යාවක් බිහි කරමින් ජාතික නිෂ්පාදනයට සෘජු හා වක්‍ර ලෙස දායක වන බව එතුමා දන්නෙහිද?
(ආ) (i) ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රධාන පේෂකර්ම මධ්‍යස්ථාන සංඛ්‍යාව, අනු ශාඛා සංඛ්‍යාව සහ ගෘහස්ථ මධ්‍යස්ථාන සංඛ්‍යාව පිළිවෙළින් කොපමණද;
(ii) ගම්පහ දිස්ත්‍රික්කය තුළ මේ වනවිට වසා දමා ඇති ප්‍රධාන පේෂකර්ම මධ්‍යස්ථාන සංඛ්‍යාව, අනු ශාඛා සංඛ්‍යාව සහ ගෘහස්ථ මධ්‍යස්ථාන සංඛ්‍යාව පිළිවෙළින් කොපමණද;
(iii) ඉහත (ii) හි සඳහන් මධ්‍යස්ථාන වැසී යාමට බලපෑ ප්‍රධාන හේතු සහ සාධක සහ ඒ හේතුවෙන් අහිමි වී ඇති රැකියා සංඛ්‍යාව කොපමණද;
(iv) මෙම දේශීය කර්මාන්තයේ උන්නතියට සහ කර්මාන්තය නගා සිටුවීම සඳහා 2019 අයවැය මඟින් කර ඇති යෝජනා කවරේද;
(v) එම යෝජනා පිළිබඳ සෑහීමකට පත්වන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) දිවුලපිටිය ආසනය තුළ ක්‍රියාත්මක වෙමින් පවතින පේෂකර්ම මධ්‍යස්ථානවල වාර්ෂික පිරිවැටුම කොපමණද;
(ii) මෙම මධ්‍යස්ථාන ඉදිරියට පවත්වාගෙන යෑම අධීක්ෂණය කිරීමේ බලය ඇති ආයතනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-07-25
අසන ලද්දේ
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
පේෂකර්ම මධ්‍යස්ථාන: ගම්පහ දිස්ත්‍රික්කය
පිළිතුරු දුන් දිනය
2019-07-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බුද්ධික පතිරණ, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks