E   |     |  

 දිනය: 2019-08-08   පිළිතුර ලබා දී ඇත 

0775/ 2019 - ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 775/’19

      ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      දිවයින තුළ රජයේ ඉදිකිරීම් සිදුකිරීම සඳහා හඳුනාගත් වෘත්තීය සුදුසුකම් ලත් ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන්ගේ සංඛ්‍යාව කොපමණද;

      (ii) එක් එක් ක්ෂේත්‍රයේ ඉදිකිරීම් සිදුකිරීමට එම කොන්ත්‍රාත්කරුවන් සතු විය යුතු  මූලික වෘත්තීය සුදුසුකම් කවරේද;

      (iii) රජයේ ඉදිකිරීම් වෙනුවෙන් 2018 වර්ෂය තුළ රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවා ඇති මුළු මුදල කොපමණද;

      (iv) රජයේ ඉදිකිරීම් වෙනුවෙන් 2018 වර්ෂය සඳහා රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට ඉතිරිව ඇති මුදල කොපමණද;

      (v) අදාළ ගෙවීම් සිදු කිරීම ප්‍රමාද වීම තුළින් එම ක්ෂේත්‍රයන්හි නියැලෙන කොන්ත්‍රාත්කරුවන් දැඩි මූල්‍ය අපහසුතාවයට ලක්වන බවත්; ඒ හේතුවෙන් ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු බිඳ වැටීම ජාතික ආර්ථිකයට අහිතකර අන්දමින් බලපාන බවත් පිළිගන්නේද;

      (vi) අදාළ කොන්ත්‍රාත්කරුවන්ට එම හිඟ මුදල් ගෙවනු ලබන දිනය කව‍රේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-08-08

අසන ලද්දේ

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

රජයේ ඉදිකිරීම් සඳහා ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන්: විස්තර

පිළිතුරු දුන් දිනය

2019-08-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks