පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
816/’19
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 1984 වර්ෂයේ සිට 2016/2017 මහ කන්නය දක්වා අම්පාර දිස්ත්‍රික්කයට අයත් ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, පානම දකුණ ග්‍රාම නිලධාරි වසමේ පිහිටි වගා කරන ලද ඉඩම් ලාහුගල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් වගා කිරීම අත්හිටුවීම සඳහා නියෝග කර ඇති බව දන්නේද;
(ii) එසේ නම්, එයට හේතු කවරේද;
(iii) එම කාර්ය සඳහා නියෝග ලබාදුන් නිලධාරියා කවුරුන්ද;
(iv) එම ඉඩම් නැවත වගා කිරීමට ගොවීන්ට අවසර ලබා දී තිබේද;
(v) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-07-09
අසන ලද්දේ
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
පානම දකුණ ග්‍රාම නිලධාරි වසමේ පිහිටි ඉඩම් : වගා කටයුතු අත්හිටුවීම
පිළිතුරු දුන් දිනය
2019-07-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අජිත් මාන්නප්පෙරුම, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks