E   |     |  

 පිළිතුර ලබා දී නැත 

0835/ 2019 - ගරු කාදර් මස්තාන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 835/’19

      ගරු කේ. කාදර් මස්තාන් මහතා,— මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      මන්නාරම දිස්ත්‍රික්කයේ, මුසලි ප්‍රාදේශීය සභාවට අයත් වේප්පම්කුලම් සිට සිලාවතුර දක්වා වූ අභ්‍යන්තර මාර්ගය 2010 වර්ෂයේදී නැවත පදිංචිකිරීම් හා ආපදා සහන අමාත්‍යාංශය විසින් ඉදිකරන ලද බව එතුමා දන්වන්නෙහිද? 

      (ආ) (i) එසේ නම්, එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ සහ අවසන් කළ දිනය කවරේද;

      (ii) එහි දුර ප්‍රමාණය කොපමණද;

      (iii) මෙම මාර්ගය හරහා වැටී ඇති ගම්මාන කවරේද;

      (iv) මෙහි කොන්ත්‍රාත් කටයුතු භාරදෙන ලද ආයතනය කවරේද;

      (v) එවකට එම ආයතනයේ  අයිතිකරුවන් (‍කොටස්කරුවන්) කවුරුන්ද;

      (vi) ඒ සඳහා වෙන්කරන ලද මුදල කොපමණද;

      (vii) මේ වනවිට එම මාර්ගය භාවිතා කරනු ලබන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-04-04

අසන ලද්දේ

ගරු කාදර් මස්තාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks