E   |     |  

 දිනය: 2019-05-24   පිළිතුර ලබා දී ඇත 

0860/ 2019 - ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 860/’19

      ගරු වාසුදේව නානායක්කාර මහතා,— රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      2018 මැයි මස ඇතිවූ ගංවතුර ආපදාවෙන් රත්නපුර දිස්ත්‍රික්කය තුළ ආපදාවට ලක්වූ පවුල් 6133කට අයත් පුද්ගලයන් 24,625කට සිදුවූ පූර්ණ හා අර්ධ හානි සඳහා හානිපූරණය කර තිබේද;

      (ii) එසේ නම්, ඒ පිළිබඳ තොරතුරු සඳහන් කරන්නේද;

      (iii) 2016 ආපදා අවස්ථාවේදී, ආපදාවට ලක් වූ ප්‍රදේශයන්හි ආපදා කාලය තුළ ජනතාවට ආරක්ෂාකාරීව සිටීමට සුරක්ෂිත මධ්‍යස්ථාන ඉදිකරන බවට කළ ප්‍රකාශය අනුව ඉදිකරනු ලැබූ මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

      (iv) 2018 මැයි මස රත්නපුර දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වයක් පවතින අවස්ථාවේදී ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නියෝජිතයන් රත්නපුර දිස්ත්‍රික් ආපදා කමිටුව සමඟ කළ සාකච්ඡාවේදී නිරන්තරයෙන් ආපදාවට  ලක්වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නවයක් තුළ ස්ථානගත කර තැබිය යුතු ඔරු සංඛ්‍යාව 102ක් බව පෙන්වාදී  තිබේද;

      (v) එසේ නම්, එම ඔරු ලබා දී එම ස්ථානවල ඔරු  ස්ථානගත කිරීමට කටයුතු කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-05-24

අසන ලද්දේ

ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

2018දී රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති වූ ගංවතුර ආපදා තත්ත්වය: හානිපූරණය

පිළිතුරු දුන් දිනය

2019-05-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks