E   |     |  

 දිනය: 2019-09-06   පිළිතුර ලබා දී ඇත 

0877/ 2019 - ගරු විමලවීර දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 877/’19

      ගරු විමලවීර දිසානායක මහතා,— කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      2018/2019 මහ කන්නයේදී ශ්‍රී ලංකාවේ බඩ ඉරිඟු වගා කළ ඉඩම් ප්‍රමාණය කොපමණද;

                   (ii)      එයින් සේනා දළඹු වසංගතයට ගොදුරුව විනාශ වූ බඩ ඉරිඟු වගා ඉඩම් ප්‍රමාණය කොපමණද;

      (iii) එම වගා විනාශයෙන් ගොවීන්ට සිදුවූ දළ අලාභය කොපමණද;

      (iv) සේනා දළඹු වසංගතයට ගොදුරුව බඩ ඉරිඟු වගාවන් විනාශ වීමෙන් අසරණ තත්ත්වයට පත්වූ ගොවීන්ට සහන ලබා දෙන්නේද;

      (v) එසේ නම්, එම සහන කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-09-06

අසන ලද්දේ

ගරු විමලවීර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සේනා දළඹු උවදුරින් පීඩාවට පත් බඩඉරිඟු ගොවීන්: සහන

පිළිතුරු දුන් දිනය

2019-09-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks