E   |     |  

 පිළිතුර ලබා දී නැත 

0903/ 2019 - ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 903/’19

      ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      2010.12.10 දිනැති අංක 01/2010 චක්‍රලේඛය මඟින් ව්‍යවස්ථාපිත ආයතනවල නිලධාරින්ට සහනදායී පදනම මත වාහන ආනයනයේදී දෙවැනි වාහනය ලබාගැනීම සඳහා ලබාදී තිබූ අවුරුදු 5ක කාලය 2016.07.14 දිනැති අංක 1/2016 චක්‍රලේඛය 2015.11.21 දින සිට ක්‍රියාත්මක කිරීමෙන් අවුරුදු 10 දක්වා දීර්ඝ කිරීම හේතුවෙන් මේ සඳහා 2016 වර්ෂය තුළ සුදුසුකම් ලැබූ නිලධාරින්ට දැඩි අසාධාරණයක් සිදුවු බවත්‍;

      (ii) 2018.06.08 දිනැති අංක 01/2018 (1) චක්‍රලේඛය 2018.06.09 දින සිට ක්‍රියාත්මක කරමින් එම කාලසීමාව නැවත අවුරුදු 5 දක්වා අඩු කිරීමෙන් 2016 වර්ෂයේ සිට 2018.06.08 දින දක්වා විශ්‍රාම ගිය නිලධාරින්ට එම හිමිකම අහිමි වූ බවත්;

      (iii) ඉහත 01/2018 (1) චක්‍රලේඛයට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණයේ 2018.06.08 හෝ 2018.06.09 ලෙස දිනයන් සඳහන් නොවීමෙන් අනෙකුත් ආයතනවල සමාන මට්ටමේ  විශ්‍රාමික නිලධාරින්ට හිමිව තිබූ රුපියල් මිලියන 3.6 ක් වටිනා බලපත්‍රය 01/2018 (1) චක්‍රලේඛය මඟින් මෙම නිලධාරින්ට අහිමිකර ඇති බවත්;

      (iv) ඒ අනුව, 2016 වර්ෂයේ සිට 2018.06.08 දක්වා විශ්‍රාම ගැන්වූ, 2015 චක්‍රලේඛය ප්‍රකාරව සුදුසුකම් සපුරා තිබූ සියලු නිලධාරින්ට මෙම බලපත්‍රය ලබාදෙන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-09-03

අසන ලද්දේ

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks