E   |     |  

 දිනය: 2019-07-25   පිළිතුර ලබා දී ඇත 

0964/ 2019 - ගරු බිමල් රත්නායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 964/’19

      ගරු බිමල් රත්නායක මහතා,— ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       කුරුණෑගල දිස්ත්‍රික්කයේ, මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්     අංක 205, ගජනැග්ගම වසමේ පිහිටි හාමුගෙ වත්ත නමින් හඳුන්වන අක්කර 23ක වපසරියක් සහිත ඉඩම දේශපාලනඥයෙකු විසින් 2017 අගෝස්තු 05, 06 හා 07  යන දිනවලදී මැනුම් කටයුතු සිදු කළ බවත්;

      (ii) මැනුම් කටයුතු  සිදු කර බෙදා වෙන්කිරීමෙන් පසු, රජයේ සේවකයන්ට ගෙවල් සෑදීම සඳහා බෙදා දීමේ මුවාවෙන් මුදලට විකිණූ බවත්;

      (iii) ප්‍රදේශයේ ජනතාව එම ක්‍රියාවලියට  විරෝධය දැක්වීමෙන් පසු එම ඉඩම බෙදා වෙන් කිරීම නීති විරෝධී බව අදාළ රජයේ නිලධාරින් විසින් තහවුරු කළ බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) ඉහත අ(i)හි සඳහන් ඉඩම, ඉඩම් හා  පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ  අමාත්‍යාංශයට අයත් ඉඩමක්ද යන්න සඳහන් කරන්නේද;

      (ii) එය වෙනත් අමාත්‍යාංශයකට පැවරූ ඉඩමක් නම්, එම අමාත්‍යාංශය කවරේද;

      (iii) මෙලෙස රජයට අයත් ඉඩමක් නීති විරෝධීව බෙදා වෙන් කිරීමට ක්‍රියාකරන ලද පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේද;

      (iv) නොඑසේ නම්, ඉදිරියේදී ඒ සඳහා පියවර ගන්නේද;

      (v) කවර හෝ ව්‍යාපෘතියක් සඳහා මෙම ඉඩම භාවිතයට ගැනීමේ සැලසුමක් තිබේද;

       

       

      (vi) එසේ නම්, ඒ කුමක් සඳහාද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-07-25

අසන ලද්දේ

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගජනැග්ගම, හාමුගෙ වත්ත ඉඩම : බෙදීම

පිළිතුරු දුන් දිනය

2019-07-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks