E   |     |  

 දිනය: 2011-01-21   පිළිතුර ලබා දී ඇත 

0845/ 2011 - ගරු ගරු වික්ටර් ඇන්ටනි මහතා, පා.ම., මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 0845/’10

      ගරු වික්ටර් ඇන්ටනි මහතා,— වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ) (i) මහින්ද චින්තන වැඩසටහන යටතේ ගංගා 10ක් එක්වර සංවර්ධනය කිරීමේ යෝජනා අනුව ඇරඹි දැදුරුඔය යෝජනා ක්‍රමය අතිසාර්ථක යෝජනා ක්‍රමයක් බවත්;

      (ii) දැදුරුඔය යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක සෙංගල්ඔය යෝජනා ක්‍රමයේ වැඩකටයුතු මේ වන විට නතර වී ඇති බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) (i) දැදුරුඔය යෝජනා ක්‍රමය තුළින් පුත්තලම් දිස්ත්‍රික්කයේ පෝෂණය වන වැව් සංඛ්‍යාව කොපමණද;

      (ii) එම වැව්වල නම් කවරේද;

      (iii) එම වැව්වලට අදාළ වාරිමාර්ග ක්‍රම සකස් කරන්නේද;

      (iv) එම වාරිමාර්ග ක්‍රම තුළින් පුත්තලම් දිස්ත්‍රික්කයේ පෝෂණය වන වපසරිය කොපමණද;

      (v) එම යෝජනා ක්‍රමය අවසන් කිරීමට ගතවන කාලය කවරේද;

      (vi) මෙම යෝජනා ක්‍රමය කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2011-01-21

අසන ලද්දේ

ගරු ගරු වික්ටර් ඇන්ටනි මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks