පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0846/’10
ගරු වික්ටර් ඇන්ටනි මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගම නැගුම ව්‍යාපෘතිය යටතේ පුත්තලම් දිස්ත්‍රික්කයේ කුඩා වැව් සංවර්ධනය කිරීමට වෙන්කර ඇති මුදල කොපමණද;
(ii) සංවර්ධනය කරනු ලබන වැව්වල නම් කවරේද;
යන්න එතුමා දන්වන්නෙහිද?
(ආ) (i) මෙම ව්‍යාපෘතිය යටතේ, පුත්තලම් දිස්ත්‍රික්කය තුළ කුඩා වැව් සංවර්ධනය කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට ප්‍රාදේශීය ලේකම්තුමා, ගොවිජන සේවා නිලධාරීතුමා, ගොවිජන සේවා සහකාර කොමසාරිස්තුමා හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ගොවිජන සේවා අධ්‍යක්ෂක ජනරාල්තුමා වෙත යොමු කර ඇති බවත්;
(ii) අනුමැතිය ලබා ගැනීමේ එම දීර්ඝ ක්‍රියාදාමය නිසා වැව් ප්‍රතිසංස්කරණය කරනු ලබන ගොවි සංවිධාන වලට වැසි කාලයට පෙර නියමිත පරිදි තම කටයුතු අවසන් කිරීමට නොහැකිව මහත් අසීරුතාවලට මුහුණ දීමට සිදුවන බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ඇ) (i) කුඩා වැව් සංවර්ධන ව්‍යාපෘති ගොවිජන සේවා නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම්තුමා මගින් පමණක් නිර්දේශ කර ගොවි සංවිධානවලට ලබාදීමටත්;
(ii) එමඟින් සති 2ක් වැනි සුළු කාලයක් තුළ මෙම කුඩා වැව් යෝජනා ක්‍රියාත්මක කළ හැකි කාර්යක්ෂම වැඩ පිළිවළක් සැකසීමටත්; පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-01-21
අසන ලද්දේ
ගරු ගරු වික්ටර් ඇන්ටනි මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks