E   |     |  

 දිනය: 2020-10-06   පිළිතුර ලබා දී ඇත 

0009/ 2020 - ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 9/2020

      ගරු හේෂා විතානගේ මහතා,— කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)      ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට අයත් —

                    (i)       කාර්මික ජනපද සංඛ්‍යාව;

                   (ii)       බිම් ඒකක සංඛ්‍යාව;  

                 (iii)       කාර්මික ජනපදවල ක්‍රියාත්මක වන කර්මාන්තශාලා  සංඛ්‍යාව;

                  (iv)       කාර්මික ජනපදවල සේවා නියුක්තයන්ගේ සංඛ්‍යාව;  

      වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) 2017 වර්ෂයේදී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් මධ්‍යම පළාත වෙනුවෙන් —

      (i) ස්වයං රැකියා ප්‍රවර්ධනය උදෙසා සිදු කළ වැඩසටහන්;

      (ii) එම වැඩසටහන පැවැත් වූ ස්ථාන;   

      (iii) ලබා දී ඇති උපකරණ;  

      (iv) ප්‍රතිලාභීන් තෝරාගත් පදනම;

      (v) සිදු කරනු ලැබූ තාක්ෂණික පුහුණු වැඩසටහන්;

      කවරේද යන්නත් එතුමා  වෙන් වෙන් වශයෙන් මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) (i) වර්තමානය වනවිට අන්තර්ජාලය ඔස්සේ විද්‍යුත් ව්‍යාපාර සිදුකිරීමේ හැකියාව ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන පුද්ගලයන් සඳහා ද විවෘතව පවතින නමුත්, ඒ සඳහා අවශ්‍ය  දැනුම ප්‍රමාණවත් පරිදි ලබා දී නොමැති බව පිළිගන්නේද;

      (ii) මෙම දැනුම විධිමත්ව ලබාදීමට කටයුතු කරන්නේද;

      යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2020-10-06

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය: ස්වයං රැකියා ප්‍රවර්ධන වැඩසටහන්

පිළිතුරු දුන් දිනය

2021-01-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විමල් වීරවංශ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks