E   |     |  

 දිනය: 2020-10-06   පිළිතුර ලබා දී ඇත 

0161/ 2020 - ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 161/2020 ගරු එස්.එම්. මරික්කාර් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) කොළොන්නාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් දහම්පුර, පොතුවිල්කුඹුර, අංක 101 වත්තේ අනවසර නිවාස සැලකිය යුතු ප්‍රමාණයක් තිබෙන බව එතුමා දන්නෙහිද? (ආ) (i) ඉහත නිවාස අතර රජයේ මහල් නිවාස ව්‍යාපෘතියකින් නිවාස ලබා දෙන ලද පවුල් සිටීද; (ii) එසේ නම්, එම පවුල් සංඛ්‍යාව කොපමණද; (iii) ඔවුන්ට එම නිවාස ලබා දීමේදී රජය විසින් මුදල් අයකිරීමක් සිදු කර තිබේද; (iv) එසේ නම්, ඒ කුමක් සඳහාද; (v) එම නිවාස ලබා දීමේ ප්‍රමුඛතා ලේඛණය සැකසීමේ ක්‍රමවේදය කවරේද; (vi) එම ප්‍රදේශයේ තවදුරටත් නිවාස ලබා දීමට ඉතිරිවී සිටින පවුල් සංඛ්‍යාව කොපමණද; (vii) ඔවුන් සඳහා නිවාස ලබා දීමට අපේක්ෂිත දිනය කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-10-06

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන හා නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පොතුවිල්කුඹුර, අංක 101 වත්තේ අනවසර පදිංචිකරුවන්: නිවාස ලබාදීම

පිළිතුරු දුන් දිනය

2020-10-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නාලක ගොඩහේවා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks